DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Sambudu Siritha
  • අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග
January 13, 2021

අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

by BuddhistWorld / Wednesday, 17 July 2013 / Published in Sambudu Siritha
උපක

තමන් වහන්සේ විසින් අවබෝධ කරන ලද ධර්මයෙහි ගම්භීර භාවයත් ලෝක සත්වයා කෙලෙස් වසගව ජීවත් වන ආකාරයත් නුවණින් විමසා බැලූ භාග්‍යවතුන් වහන්සේගේ සිත ධර්මය නො දෙසා සිටීමට නැඹුරු වූ ආකාරය සහ සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේට දහම් දෙසුම පිණිස ආරාධනා කළ අයුරු අපි පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා.

සහම්පතී බ්‍රහ්මරාජයාගේ ආරාධනය පිළිගත් භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතුනා.

“මම කාට ද පළමුවෙන් ම ධර්මය දේශනා කරන්නේ..? කවුද මේ ධර්මය ඉක්මණින් දැනගන්නේ..?”

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ මෙසේ සිතුනා. “මේ ආළාර කාලාම පණ්ඩිතයි. ව්‍යක්තයි, නුවණින් යුක්ත යි. දීර්ඝකාලයක් කෙලෙස් අඩුවයි කාලය ගත කළේ. ඉදින් මම ආළාර කාලාමට ධර්මය දේශනා කරනවා නම්, ඔහු මේ ධර්මය ඉක්මණින් දැන ගන්නවා..”

එවිට නො පෙනී සිටි එක්තරා දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ දැන්වූවා.

“ස්වාමීනී, ආලාර කාලාම කලුරිය කොට අදට දින හතයි.”

භාග්‍යවතුන් වහන්සේට ද ඒ අවස්ථාවේ දී ආළාර කාලාම කලුරිය කොට දවස් හතක් බවට ඤාණය ඉපදුනා. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේට මෙසේ සිතුනා.

“ආළාර කාලාම මහා පරිහානියකට පත් වුනා. ඉදින් ඔහු මේ ධර්මය ඇසුවා නම්, වහා දැනගන්නවා.”

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූයේ උද්දක රාම පුත්තව යි. උද්දක රාම පුත්තත් පණ්ඩිත ව්‍යක්ත නුවණැති බොහෝ කලක් කෙලෙස් රජස් අල්පව වාසය කළ අයෙක් බව භාග්‍යවතුන් වහන්සේට සිහිපත් වූවා. උද්දක රාම පුත්ත හට මේ ධර්මය දේශනා කළහොත් ඔහු වහා එය අවබෝධ කරගන්නා බව ද භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා.

එවිට නො පෙනී සිටි දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේට පැවසුවේ, රෑ මැදියම උද්දක රාම පුත්ත කළුරිය කළ බවයි. ඒබවට ඤාණය භාග්‍යතුන් වහන්සේටත් පහළ වූවා. උද්දක රාම පුත්තහට සිදු වූ පරිහානිය ද කල්පනා කළ භාග්‍යවතුන් වහන්සේ හට ඊළගට සිහිපත් වූයේ තමන් වහන්සේ පදන් වෙර වඩන කාලයේ උපස්ථාන කළ පස්වග භික්ෂූන් වහන්සේලා යි. උන්වහන්සේලා තමන් වහන්සේට බොහෝ උපකාර කළ බව භාග්‍යවතුන් වහන්සේ කල්පනා කළා.

ඉන් පසු භාග්‍යවතුන් වහන්සේට පස්වග භික්ෂූන් වහන්සේලා වාසය කරන්නේ කොහේද යන සිතුවිල්ල ඇති වුණා. මිනිස් ස්වභාවය ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් භාග්‍යවතුන් වහන්සේ දුටුවේ පස්වග භික්ෂූන්වහන්සේලා බරණැස ඉසිපතන මිගදායේ වාසය කරන බවයි. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ කැමති තාක් කාලයක් උරුවෙල් ජනපදයේ වාසය කොට බරණැස් නුවර බලා චාරිකාවේ පිටත්ව වැඩියා.

උරුවේලාවේ සිට බරණැස් නුවර කරා මාර්ගය විහිද තිබුනේ ගයාව හරහායි. භාග්‍යවතුන් වහන්සේ බෝධිමූලයත් ගයාවත් අතර දීර්ඝ මාර්ගයට පිවිස සිටිය දී ඒ බව උපක නම් වූ ආජීවකයා දුටුවා. භාග්‍යතුන් වහන්සේව දුටු උපක ආජීවකයා මෙසේ පැවසුවා.

“ඇවැත්නි, ඔබගේ ඉඳුරන් ඉතා ම ප්‍රසන්නයි. සමේ පැහැය ඉතා පිරිසිඳුයි පාරිශුද්ධයි. ඇවැත්නි ඔබ කවුරු උදෙසා ද පැවිදි වුනේ. ඔබේ ශාස්තෘන් වහන්සේ කවු ද..? ඔබ කවර කෙනෙකුගේ ධර්මයක් ද රුචි කරන්නේ..?”

එවිට භාග්‍යතුන් වහන්සේ උපක ආජීවකයාට ගාථාවන්ගෙන් මෙසේ පිළිතුරු දුන්නා.

සබ්බාභිභූ සබ්බවිදූහමස්මි
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ
සබ්බඤ්ජහෝ තණ්හක්ඛයේ විමුත්තෝ
සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං

“මම සියල්ල අභිභවා සිටියෙමි. සියල්ල දැනගත්තේ වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුනෙමි. සියල්ල හැරදමා සිටියෙමි. තණ්හාව ක්ෂය කිරීමෙහි විමුක්තියට පත් වූයෙමි. මා විසින් ම විශිෂ්ඨ ඤාණයෙන් දැනගෙන වෙනත් කවර අයෙක් ව ආචාර්ය වරයෙකු වශයෙන් සලකන්නෙම් ද..?”

නමේ ආචරියෝ අත්ථි සදිසෝ මේ න විජ්ජති
සදේවකස්මිං ලෝකස්මිං නත්ථි මේ පටිපුග්ගලෝ

“මා හට ගුරුවරයෙක් නැත. මා හට සමාන අයෙක් විද්‍යාමාන නොවේ. දෙවියන් සහිත ලෝකයේ මාහට ප්‍රතිපුද්ගලයෙක් නැත.”

අහං හි අරහා ලෝකේ අහං සත්ථා අනුත්තරෝ
ඒකෝම්හි සම්මාසම්බුද්ධෝ සීතිභූතෝස්මි නිබ්බුතෝ

“මම ම ලෝකයෙහි රහතන් වහන්සේ වෙමි. මම ම අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ වෙමි. එකම සම්මා සම්බුදුන් වෙමි. සිසිල් බවට පත්වූයෙමි. නිවුනෙමි. “

ධම්මචක්කං පවත්තේතුං ගච්ඡාමි කාසිනං පුරං
අන්ධභූතස්මිං ලෝකස්මිං ආහඤ්ඡං අමතදුන්දුභිං

“මම දම්සක පැවැත්වීමට කසීරට බරණැස් පුරය බලා යමි. අන්ධභූත ලෝකයෙහි අමාදම් බෙරය වයන්නෙමි.”

භාග්‍යතුන් වහන්සේ මෙසේ සිංහනාදයක් වැනි වූ ගාථාවන් දේශනා කළ විට උපක ආජීවකයා මෙසේ පැවසුවා.

“ඇවැත්නි ඔබ පවසන ආකාරයට, ඔබ අනන්ත ජින වීමට සුදුසු යි.”

එවිට භාග්‍යවතුන් වහන්සේ උපකට තවත් ගාථාවකින් ම පිළිතුරු දුන්නා.

මා දිසා වේ ජිනා හොන්ති යේ පත්තා ආසවක්ඛයං
ජිතා මේ පාපකා ධම්මා තස්මාහං උපකා ජිනෝ..

“යම් අයෙක් ආශ්‍රවයන් ක්ෂය කිරීමට පත්වූවා ද, මා වැනි ඔහු ඒකාන්තයෙන් ම ජින නම් වෙත්. උපක, මා විසින් පාප ධර්මයෝ දිනන ලදි. ඒ නිසා මම ජින නම් වෙමි.”

භාග්‍යතුන් වහන්සේ එසේ වදාළ කල්හි උපක ආජීවක, “ඇවැත්නි එසේ ද විය හැකියි” කියා, හිස සොලවා කුඩා මාර්ගයකින් වංගහාර ජනපදය බලා පිටත්ව ගියා. භාග්‍යවතුන් වහන්සේව මුණ ගැසුන ද උපකට ඒ මොහොතේ ධර්මය අවබෝද කරන්නට තරම් මුහුකුරා ගිය ඉන්ද්‍රිය ධර්මයන් තිබුණේ නැහැ. නමුත් පසු කලෙක් මේ මුණ ගැසීම උපකට ධර්මාවබෝධය පිණිස හේතු වූවා.

විනය පිටකයේ මහාවග්ග පාළිය ඇසුරිනි.

පෙර නො ඇසූ විරූ ධර්මය
  • Tweet
Tagged under: budu rajanan wahanse, budu siritha, උපක, බුදු රජාණන් වහන්සේ, බුදු සිරිත

About BuddhistWorld

අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!! ------------------------------ चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास .... චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්.... Hey Champa !, you have three qualities, color, beauty and fragrance but the only thing you lack is that honey-bees never sit on you.

What you can read next

ද්වේවාචික උපාසකවරු
පළමු ද්වේවාචික උපාසකවරු
පස්වග භික්ෂූන් වහන්සේලා
පෙර නො ඇසූ විරූ ධර්මය
සහම්පතී බ්‍රහ්මරාජයා
රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • සහම්පතී බ්‍රහ්මරාජයා Read more + July 7, 2013 By BuddhistWorld in Sambudu Siritha

    රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP