
තෙරුවන් වන්දනා කිරීමේ වැදගත්කම!
තුණුරුවන සියලු සත්වයන්ට ඇති එකම පිළිසරණයි. සසර දුකට වැටී සිටින සත්වයා හට සියලු දුක් නිමාකරගෙන උතුම් අමා නිවනට පත් විය හැක්කේ තෙරුවන් සරණ යෑමෙන් ම ය. එම නිසා, පරම සැපය වන නිවන් සැප සළසා දෙන තෙරුවන් කෙරෙහි ආදර ගෞරවයෙන්, කෘත ගුණ දැක්වීම් වශයෙන් සිදු කරනු ලබන තෙරුවන් වන්දනා ව මහත් ඵල මහානිශංස ගෙන දෙන්නේ ය.
ප්‍රතිපත්ති ගරුක බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් දිනකට අඩුම තරමින් එක් වතාවක් හෝ නිසි ලෙස තෙරුවන් වන්දනා කිරීම සිදු කළ යුතු ම කටයුත්තකි. එමගින් සම්මා දිට්ඨික දෙවිවරුන්ගේ ද ආශිර්වාද ලබාගෙන පහසුවෙන් නිවන් මගෙහි හැසිරීමට හැකි වන ඇත. මේ නිසා තෙරුවන් වන්දනා ව ජීවිතයේ දෛනික අංගයක් බවට පත් කරගැනීම අතිශයින් වටිනා කර්තව්‍යයකි.
දිනපතා සිදු කරන තෙරුවන් වන්දනා වට පහත සදහන් ගථාවන් උපකාර කරගන්න. වන්දනාව සිදුකරන විට මෙම ගථා ධර්මයන්ගේ අර්ථයන් ද සිතට නගා ගනිමින් මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් වන්දනාව සිදු කිරීමෙන් මහත් ආශීර්වාදයක් සළසා ගත හැකි වනු නිසැක ය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!///
තෙරුවන් සරණ යෑම.
බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි
සඞ්ඝං සරණං ගච්ඡාමි
බුදු රජාණන් වහන්සේ සරණ යමි. ධර්ම රත්නය සරණ යමි. සංඝරත්නය සරණ යමි.
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි
දෙවනුව ද, බුදු රජාණන් වහන්සේ සරණ යමි. ධර්ම රත්නය සරණ යමි. සංඝරත්නය සරණ යමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි
තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි
තෙවනුව ද, බුදු රජාණන් වහන්සේ සරණ යමි. ධර්ම රත්නය සරණ යමි. සංඝරත්නය සරණ යමි.
පන්සිල් සමාදන් වීම
පාණාතිපාතා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
අදින්නාදානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
මුසාවාදා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
සුරාමේරය මජ්ඣපමාදට්ඨානා වේරමණි සික්ඛා පදං සමාදියාමි.
සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ නම් වූ සිල්පදය සමාදන් වෙමි. මදයට හා ප්‍රමාදයට හේතු වන මත් පැන් හා මත් ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි.
බුදු රජාණන් වහන්සේගේ ගුණ සිහි කොට වන්දනා කිරීම.
ඉතිපි සෝ භගවා අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථි, සත්ථා දේව මනුස්සානං, බුද්ධෝ, භගවාති.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තර පුරිසදම්ම සාරථී වන සේක. දෙව් මිනිසුන්ගේ ශාස්තෘන් වහන්සේ වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක.
බුද්ධං ජීවිතපරියන්තං – යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච බුද්ධා අතීතා ච – යේච බුද්ධා අනාගතා,
පච්චුප්පන්නා ච යේ බුද්ධා – අහං වන්දාමි සබ්බදා.
නිවන් දකිනා තෙක් ම බුදු රජාණන් වහන්සේව මම දිවි හිමියෙන් සරණ යමි. අතීතයේ වැඩ සිටි සියලු බුදු රජාණන් වහන්සේලාට ද, අනාගතයේ පහළ වන සියලු බුදු රජාණන් වහන්සේලාට ද, වර්ථමානයෙහි වැඩ සිටින්නා වූ බුදු රජාණන් වහන්සේට ද මම සැමදා වන්දනා කරමි.
නත්ථි මේ සරණං අඤ්ඤං – බුද්ධෝ මේ සරණං වරං,
ඒතේන සච්ච වජ්ජේන – හෝතු මේ ජය මංගලං,
මට වෙන සරණක් නැත්තේ ය, බුදු රජාණන් වහන්සේ මාගේ උත්තම සරණ වන්නේ ය. ඒ සාත්‍යානුභාවයෙන් මට ජයමංගල්‍ය වේවා!
බුද්ධෝ තිලෝක සරණෝ – බුද්ධෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – බුද්ධෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං බුද්ධං – නත්ථි මය්හං භයං සදා
බුදු රජාණන් වහන්සේ තුන්ලෝකයට සරණ වන සේක. බුදු රජාණන් වහන්සේ අවිදු අඳුර දුරු කරන සූර්යයා වන සේක. මෙසේ ඒ බුදු රජාණන් වහන්සේ නිර්භය සළසන සරණ වන සේක. මා හට බුදු රජාණන් වහන්සේ උත්තම සරණ වන සේක. මම ඒ බුදු රජාණන් වහන්සේ සරණ යමි. මට කිසිදා භයක් නැත්තේ ය.
උත්තමංගේන වන්දේහං – පාදපං සුවරුත්තමං,
බුද්ධේ යෝ ඛලිතෝ දෝසෝ – බුද්ධෝ ඛමතු තං මමං!
බුදු රජාණන් වහන්සේගේ සිරිපා පහස ලද පා දුහුවිල්ල ද මම දොහොත් මුදුන් දී වන්දනා කරමි. බුදු රජාණන් වහන්සේ කෙරෙහි යම් දෝසයක් සිදු වූවාද, බුදු රජාණන් වහන්සේ මාහට සමාවන සේක්වා!
ධර්ම රත්නයේ ගුණ සිහි කොට වන්දනා කිරීම
ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති.
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාත වන සේක. සන්දිට්ඨික වන සේක. අකාලික වන සේක. ඒහි පස්සික වන සේක. ඕපනයික වන සේක. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි වන සේක.
ධම්මං ජීවිතපරියන්තං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි,
යේ ච ධම්මා අතීතා ච – යේච ධම්මා අනාගතා
පච්චුප්පන්නා ච යේ ධම්මා – අහං වන්දාමි සබ්බදා
නිවන් දකිනා තෙක් ම මම ශ්‍රී සද්ධර්මය දිවි හිමියෙන් සරණ යමි. අතීතයේ පහළ වූ ධර්ම රත්නයට ද, අනාගතයේ පහළ වන ධර්ම රත්නයට ද, වර්ථමාන ධර්ම රත්නයට ද මම සැමදා වන්දනා කරමි.
නත්ථි මේ සරණං අඤ්ඤං – ධම්මෝ මේ සරණං වරං
ඒතේන සච්චවජ්ජේන – හෝතු මේ ජය මංගලං
මට වෙන සරණක් නැත්තේ ය, ධර්ම රත්නය මාගේ උත්තම සරණ වන්නේ ය. ඒ සාත්‍යානුභාවයෙන් මට ජයමංගල්‍ය වේවා!
ධම්මෝ තිලෝක සරණෝ – ධම්මෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – ධම්මෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං ධම්මං – නත්ථි මය්හං භයං සදා
ධර්ම රත්නය තුන් ලෝකයට ම සරණ වන සේක. ධර්ම රත්නය අවිදු අඳුර දුරු කරන සූර්යයා වන සේක. මෙසේ ඒ ධර්ම රත්නය නිර්භය සළසන සරණ වන සේක. මා හට ධර්ම රත්නය උත්තම සරණ වන සේක. මම ඒ ධර්ම රත්නය සරණ යමි. මට කිසිදා භයක් නැත්තේ ය.
උත්තමංගේන වන්දේහං – ධම්මං ච තිවිධං වරං
ධම්මේ යෝ ඛලිතෝ දෝසෝ – ධම්මෝ ඛමතු තං මමං
ත්‍රිවිධ වූ උත්තම වූ ධර්ම රත්නයට මම දොහොත් මුදුන් දී වන්දනා කරමි. ධර්ම රත්නය කෙරෙහි යම් දෝසයක් සිදු වූවාද, ධර්ම රත්නය මාහට සමාවන සේක්වා!
සංඝරත්නයේ ගුණ සිහි කොට වන්දනා කිරීම
සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
ආහුණෙය්‍යෝ, පාහුණෙය්‍යෝ, දක්ඛිණෙය්‍යෝ, අංජලිකරණීයෝ, අනුත්තරං
පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.
භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය උජුපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඤායපටිපන්න වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සාමීචිපටිපන්න වන සේක. පුරුෂ යුගල වශයෙන් සතර දෙනෙක් ද පුුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් ද වන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ආහුණෙය්‍ය වන සේක. පාහුණෙය්‍ය වන සේක. දක්ඛිණෙය්‍ය වන සේක. අංජලිකරණීය වන සේක. ලොවට උතුම් පින් කෙත වන සේක.
සංඝං ජිවිත පරියන්තං යාව නිබ්බානං සරණං ගච්ඡාමි
යේ ච සංඝා අතීතා ච – යේ ච සංඝා අනාගතා
පච්චුප්පන්නා ච යේ සංඝා – අහං වන්දාමි සබ්බදා
නිවන් දකිනා තෙක් ම මම සංඝරත්නය දිවි හිමියෙන් සරණ යමි. අතීතයේ පහළ වූ සංඝ රත්නයට ද, අනාගතයේ පහළ වන සංඝ රත්නයට ද, වර්ථමානයේ වැඩ සිටින සංඝ රත්නයට ද මම සැමදා වන්දනා කරමි.
නත්ථි මේ සරණං අඤ්ඤං – සංඝෝ මේ සරණං වරං
ඒතේන සච්ච වජ්ජේන – හෝතු මේ ජය මංගලං
මට වෙන සරණක් නැත්තේ ය, සංඝ රත්නය මාගේ උත්තම සරණ වන්නේ ය. ඒ සාත්‍යානුභාවයෙන් මට ජයමංගල්‍ය වේවා!
සංඝෝ තිලෝක සරණෝ – සංඝෝ සුරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං – සංඝෝ මේ සරණං වරං
ගච්ඡාමි සරණං සංඝං – නත්ථි මය්හං භයං සදා
සංඝ රත්නය තුන් ලෝකයට ම සරණ වන සේක. සංඝ රත්නය අවිදු අඳුර දුරු කරන සූර්යයා වන සේක. මෙසේ ඒ සංඝ රත්නය නිර්භය සළසන සරණ වන සේක. මා හට සංඝ රත්නය උත්තම සරණ වන සේක. මම ඒ සංඝ රත්නය සරණ යමි. මට කිසිදා භයක් නැත්තේ ය.
උත්තමංගේන වන්දේහං – සංඝං ච තිවිධෝත්තමං
සංඝෙ යෝ ඛලිතෝ දෝසෝ – සංඝෝ ඛමතු තං මමං
සම්මුති සේඛ අසේඛ වශයෙන් ත්‍රිවිධෝත්තම වූ සංඝ රත්නයට මම දොහොත් මුදුන් දී වන්දනා කරමි. සංඝ රත්නය කෙරෙහි යම් දෝසයක් සිදු වූවාද, සංඝ රත්නය මාහට සමාවන සේක්වා!
සත්බුදු රජාණන් වහන්සේලා වන්දනා කිරීම
විපස්සිස්ස නමත්ථු – චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්සපි නමත්ථු – සබ්බභූතානුකම්පිනෝ
සදහම් ඇස් ඇති – සොඳුරු සිරිය ඇති, විපස්සී බුදුරජාණන් හට – නමස්කාර වේවා
සියළු සතුන් හට – අනුකම්පා ඇති, සිඛී බුදුරජාණන් හට – නමස්කාර වේවා
වෙස්සභුස්ස නමත්ථු – නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස – මාරසේනාපමද්දිනෝ
සියළු කෙලෙස් නැති – වෙර වීරිය ඇති, වෙස්සභූ බුදුරජාණන් හට – නමස්කාර වේවා
දස මර සේනා – ඔද තෙද බිඳ හළ, කකුසඳ බුදුරජාණන් හට – නමස්කාර වේවා
කෝණාගමනස්ස නමත්ථු – බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු – විප්පමුත්තස්ස සබ්බධී
කෙලෙස් බැහැර කළ – බඹසර නිම කළ, කෝණාගමන බුදුරජාණන් හට – නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් – හොඳින් මිදී ගිය, කස්සප බුදුරජාණන් හට – නමස්කාර වේවා
අංගීරසස්ස නමත්ථු – සක්‍යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී – සබ්බදුක්ඛාපනූදනං
ලොවේ සියලූ දුක් – මැනවින් දුරු වන, මේ සිරි සදහම් පවසා වදහළ – යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති – ශාක්‍ය පුත්‍ර වූ, අංගීරස වූ අප ගේ ගෞතම – බුදු සමිඳුන් හට නමස්කාර වේවා
යේ චාපි නිබ්බුතා ලෝකේ – යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා – මහන්තා වීතසාරදා
ඒ බුදුවරු ලොව – නිවනට වැඩි සේක් ම ය, හැම දේ ගැන සැබෑ තත්වය – විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා – පිසුණු බස් නො පවසත් ම ය, මහානුභාව සම්පන්න ම ය – සසර බිය නැති සේක් ම ය
හිතං දේවමනුස්සානං – යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං – මහන්තං වීතසාරදං
විජ්ජාචරණසම්පන්නං – බුද්ධං වන්දාම ගෝතමං
දෙවි මිනිසුන් හට – හිත සුව සලසන, ගෞතම නම් වූ – විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ – හැම බියෙන් නිදහස් වූ, බුදු රජාණන් වහන්සේට – දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය
ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ, ඒ බුදු රජාණන් වහන්සේට – අප ගේ නමස්කාරය වේවා!!
සෑ රජාණන් වහන්සේලා සහ බෝ රජාණන් වහන්සේ වන්දනා කිරීම
වන්දාමි චේතියං සබ්බං – සබ්බඨානේසු පතිට්ඨිතං
සාරීරික ධාතු මහා බෝධිං – බුද්ධ රූපං සකලං සදා
සියලු තැන්හි පිහිටි සියලු චෛත්‍ය රාජයාණන් වහන්සේලා ද, ශාරීරික ධාතූන් වහන්සේලා ද, මහා බෝධි රාජයාණන් වහන්සේ ද, බුද්ධ ප්‍රතිමා වහන්සේලා ද යන සියල්ල සදා වන්දනා කරමි.
යස්ස මූලේ නිසින්නෝව – සබ්බාරි විජයං අකා
පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා – වන්දේ තං බෝධිපාදපං
අපගේ ශාස්තෘන් වහන්සේ යම් බෝධි මූලයක වැඩ හිඳ සියලු කෙලෙස් සතුරන් (නසා) ජයග්‍රහණය කොට සර්වඥතා භාවයට පත් වූ සේක් ද, මම ඒ බෝ රජාණන් වහන්සේට වන්දනා කරමි.
ඉමේ ඒතේ මහාබෝධි – ලෝකනාථේන පූජිතා
අහම්පි තේ නමස්සාමි – බෝධිරාජා නමත්‍ථු තේ
එ මේ මහාබෝධීන් වහන්සේ ලෝකනාථ වූ බුදු රජාණන් වහන්සේ විසින් පූජා පවත්වන ලදි. මම ද ඒ බෝ රජාණන් වහන්සේට නමස්කාර කරමි. බෝධි රජායාණන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!
සේවිතං ධම්ම රාජේන – නර දේවේහි පූජිතං
වන්දාමි බෝධිරාජානං – නිබ්බාන සුඛ දායකං
ධර්මරාජයාණන් වහන්සේ විසින් සේවනය කරන ලද්දා වූ, දෙව් මිනිසුන් විසින් පුදනු ලබන්නා වූ නිවන් සුවය ගෙන දෙන්නා වූ බෝධි රාජයාණන් වහන්සේ වඳිමි.
ඉන්දනීල වණ්‌ණ පත්ත – සේත ඛන්ධ භාසුරං
සත්ථු නෙත්ත පඤ්කජාහි – පූජිතග්ග සාතදං
අග්ගබෝධිනාම වාම – දේවරුක්‌ඛ සන්නිභං
තං විසාල බෝධිපාදපං – නමාමි සබ්බදා
ඉන්ද්‍ර නීල වර්ණයෙන් බබළන පත්‍ර ඇති, ශ්වේත වර්ණ කඳින් යුතු, බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ නේත්‍රා නමැති නෙළුම් මලින් පිදුවා වූ, අග්‍ර බෝධි නම් ලැබුවා වූ, දිව්‍ය වෘක්‍ෂයක් වැනි වූ මහත් වූ එසේම අග්‍ර වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ සැමදා වන්දනා කරමි.
ස්වර්ණමාලී මහා සෑරජුන් වන්දනා කිරීම
සයිංසු යස්මිං සුගතස්ස ධාතු – නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
සුවණ්ණමාලීති පතීත නාමං – වන්දාමහං ථූපවරං මහග්ඝං
ද්‍රෝණයක් (දහසය නැලියක්) පමණවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා ෂඩ්වර්‍ණ රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද “ස්වර්ණමාලී නමින් පතළවු” ඒ මහාර්ඝ වූ මහා ස්ථූප රාජයාණන් වහන්සේට දොහොත් මුදුනේ තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි! නමස්කාර වේවා!
ජය ශ්‍රී මහා බෝරජුන් වන්දනා කිරීම
සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමදිට්ඨිත දක්ඛිණ සාඛභවං
සුභ මේඝවනම්බර මේඝනිභං – ජය බෝධිමහං පනමාමි වරං
අනුරාධපුර මහවෙව්නා උයනේ රෝපණය කරන ලද මනාව පිහිටියා වූ අහසට මහා මේඝයක් වැනි වූ දඹදිව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‌ෂිණ ශාඛා රත්නය වූ මහා බෝධි රාජයාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා!
ශ්‍රී පාද පද්ම වන්දනා කිරීම
යන්නම්මදාය නදියා පුලිනේච තිරේ – යං සච්ච බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ
යං තත්ථ යෝනක පුරේ මුනිනෝච පාදං – තං පාද ලාඤඡන මහං සිරසා නමාමි
නර්මදා නදියෙහි වාලුකා තීරයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද, සච්ච බද්ධ පර්වතයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද, සුමන සමන් ගිරි හිසෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද, යෝනක පුරයෙහි යම් ශ්‍රී පාද ලාඤඡනයක් වේද ඒ සැම මම සිරසින් වන්දනා කරමි.!
ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීම
ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං – වේනෙය්‍ය කෝමුදවනං වළිසීතලම්හි*
අද්ධින්දුකාර වරරූප විරාජමානං – වන්දාමි සාධු මමලං ජිනදන්ත ධාතුං
ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මුව පියුමෙහි රාජහංසයෙකු බඳු වූ, හික්මවිය යුතු ජනයා නමැති කුමුදු වනය සිසිලසින් හැකිලෙන කල්හි, අඩ සඳ වන් උතුම් රූපශ‍්‍රීයෙන් විරාජමාන වන්නා වූ යහපත් වූ නිර්මල වූ බුදුරජාණන් වහන්සේගේ දළදා වහන්සේ වඳිමි. * – ඇතැම් තැනක “කුමුදාකරන්තං” යනුවෙන් ද දැක්වේ.
සොළොස්මස්ථාන වන්දනා කිරීම
මහියංගණං නාගදීපං කල්‍යාණං පදලාඤ්ඡනං – දිවාගුහං දීඝවාපී චේතියං ච මුතියංගණං
තිස්සමහා විහාරංච බෝධීං මරිචවට්ටියං – සොණ්ණමාලී මහා චේතියං ථුපාරාමභයාගිරිං
ජේතවනං සේල චේතියං තථාකාචරගාමකං – ඒතේ සොළසඨානානි අහං වන්දාමි සබ්බදා
මහියංගණය, නාගදීපය, කැලණිය, ශ්‍රී පාද ලාංඡනය, දිවා ගුහාව, දීඝවාපී චෛත්‍ය, මුතියංගණය, තිස්සමහවෙහෙර, ශ්‍රී මහා බෝධිය, මිරිසවැටිය, රුවන්වැලි මහාසෑය, ථූපාරාමය, අභයගිරිය, ජේතවනය, සේලචෛත්‍ය, කිරිවෙහෙර යන සොළොස්මස්ථානයන් හැම කල්හි මම සිරසින් වන්දනා කරමි.
සියලු ස්ථානවල පිහිටි ත්‍රිවිධ චෛත්‍ය වන්දනා කිරීම
බුද්ධං ධම්මංච සංඝං සුගත තනුභවා ධාතුයෝ ධාතුගබ්භේ
ලංකායං ජම්බුදිපේ තිදස පුරවරේ නාගලෝකේච ථූපේ
සබ්බේ බුද්ධස්ස බිම්බේ සකල දසදිසේ කේස ලෝමාදී ධාතුං
වන්දේ සබ්බේපි බුද්ධං දසබල තනුජං බෝධි චේත්‍යං නමාමි
බුදු රජාණන් වහන්සේ ද, ශ්‍රී සද්ධර්මය ද, ආර්ය මහා සංඝරත්නය ද, සුගතයන් වහන්සේගේ ශරීරයෙන් උපන් ධාතූන් ද, ලක්දිවත්, දඹදිවත්, දෙව් පුරයෙහිත්, නාලොවෙහිත් ඇති ස්තූප ද බුදුරජාණන් වහන්සේගේ සියලුම පිළිමද, සියලු දස දිසාවන් හි කේස ධාතු, ලෝම ධාතු ආදී ධාතූන් ද යන සියල්ල වදිමි. දසබලධාරී බුදු රජාණන් වහන්සේගේ සිරුරින් පහළ වු ධාතූන් තැන්පත් කරවන ලද චෛත්‍යයන්ද, බොධින්ද, මම වන්දනා කරමි.
තෙරුවන් වන්දනා වෙන් අනතුරුව ජීවමාන බුදු රජාණන් වහන්සේට සිදු කරන පූජාවක් සේ සළකා මල් පහන් සුවද දුම් ගිලන්පස ආදී බුද්ධ පූජාවන් මෙසේ ගාථා කියා පූජා කරමු. සම්බුද්ධ පූජා ගාථාවන් පහත පිටුවෙන් ලබා ගන්න.
සම්බුද්ධ පූජා ගාථා