DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • සදහම් සිතුවිළි
  • ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?
April 16, 2021

ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

by BuddhistWorld / Monday, 22 July 2013 / Published in සදහම් සිතුවිළි
ස්පර්ශය

ජීවිතයේ ක්‍රියාකාරිත්වය විවිධ අයුරින් බෙදා විග්‍රහ කොට දැක්වීමට අපගේ භාග්‍යවතුන් වහන්සේ සතු වූයේ ඉතා විශ්මිත හැකියාවක්. ජීවිත ක්‍රියාවලියෙහි සියලු දෑ බුදු රජාණන් වහන්සේ අතැඹුලක් ලෙස දැනගෙන ලෝකයට විවර කොට වදාළා.

එසේ විවර කොට වදාළ ධර්මතා මහත් සමූහයක් අපට ත්‍රිපිටක දේශනාවන් හි මුණගැසෙනවා. ඒ අතරින් අපට නිරන්තරයෙන් මුණ ගැසෙන වචනයක් තමයි ස්පර්ශය කියා කියන්නේ. වේදනා සඤ්ඤා චේතනා ආදී නොයෙක් ධර්මයන්ට හේතු වශයෙන් දක්වා ඇති මේ ස්පර්ශය සංසාර ජීවිතය පෝෂණය කරන ආහාරයක් ලෙසත් ධර්මයෙහි දක්වා තිබෙනවා.

ස්පර්ශය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහම් කරුණු බොහෝ ප්‍රමාණයක් ඉගෙන ගෙන තිබුණ ද බොහෝ දෙනෙකුට ඒ සම්බන්ධයෙන් නිසි තේරුම් ගැනීමක් තිබෙනවා ය කියා සිතන්නට අමාරුයි. මේ නිසා මෙම ලිපියෙන් ඉදිරිපත් කරන කරුණු, ස්පර්ශය යන මේ සුවිශේෂී ධර්මතාවය තේරුම් ගැනීමට ඔබට යම් පිටුවහලක් වනු ඇති.

සාමාන්‍යයෙන් ස්පර්ශය යන මෙම වචනයෙන් අර්ථවත් වන්නේ කිසියම් භෞතික ද්‍රව්‍ය දෙකක එකිනෙක මුණගැසීමක්. අපේ සිරුරේ යම් කිසි දෙයක් වදින විට, ඇතිල්ලෙන විට, අපි යමක් ස්පර්ශ වෙනවා කියා පවසනවා. එසේ ම යම් භෞතික වස්තු දෙකක් එකින් එක වදින විට, ඇතිල්ලෙන විට, එයට ද අපි ස්පර්ශය කියා කියනවා. සාමාන්‍ය ලෝකයෙහි ස්පර්ශය යන්නෙන් එවැනි භෞතික යමක් අර්ථවත් වුවත්, භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය තුළ අපට මුණ ගැසෙන ස්පර්ශය නම් වූ ධර්මයෙන් සත්වයාගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයෙහි එක්තරා සුවිශේෂි සංසිද්ධියක් විවරණය කරනවා.

​චක්ඛුඤ්ච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤණං. තිණ්ණං සංගති ඵස්සෝ..

‘ඇස ද රූප ද ඇසුරු කොටගෙන ඇසේ විඤ්ඤණය උපදියි. එම කරුණු තුන සංගතවීම ස්පර්ශය යි…’ යන මෙම ප‍්‍රකාශය භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ස්ථානවල දී දේශනා කොට තිබෙනවා.

මෙහි ‘සංගති’ යන වචනයෙහි අර්ථය නම්, ‘එක්වීම, එක්ව පැවතීම, එකට යෙදීම’ යන්න යි.

මෙතුළින් ස්පර්ශය යනු කුමක් ද යන කාරණයට ඉතා පැහැදිලි අර්ථකථනයක් ලබා හැකියි.

එනම් ස්පර්ශය යනු ඇස් කන් ආදී අධ්‍යාත්මික ආයතනත් රූප ශබ්ද ආදී බාහිර ආයතනත් විඤ්ඤණයත් යන කරුණු තුනෙහි එක් වීම, හමු වීම, එකට යෙදීම බව යි.

ස්පර්ශ ආයතනයන්හි විවිධත්වය අනුව ස්පර්ශය ද සය අකාරයකින් දේශනා කොට තිබෙනවා.

”කුමක් ද මහණෙනි ස්පර්ශය? මහණෙනි, මේ ස්පර්ශ කාය හයකි. ඇසෙහි ස්පර්ශය, කණෙහි ස්පර්ශය, නාසයෙහි ස්පර්ශය, දිවෙහි ස්පර්ශය, කයෙහි ස්පර්ශය, මනසෙහි ස්පර්ශය. මහණෙනි මෙය ස්පර්ශය යැයි කියනු ලැබේ.” (විභංග සූත‍්‍රය – සංයුත්ත නිකාය)

ස්පර්ශ කාය හය මැනවින් විස්තර වන සූත‍්‍ර දේශනාවක් අපට මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාස පාළියෙන් මෙසේ මුණ ගැසෙනවා.

”සය වැදෑරුම් ස්පර්ශ කාය දැනගත යුතුයැයි මෙසේ පවසන ලදි. එය කුමක් පිණිස පවසන ලද්දේ ද? ඇසත් රූපත් ඇසුරු කොටගෙන ඇසේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම (එක් වීම) ස්පර්ශය යි. කණත් ශබ්දත් ඇසුරු කොටගෙන කණේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම ස්පර්ශය යි. නාසයත් ගඳ සුවඳත් ඇසුරු කොටගෙන නාසයේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම ස්පර්ශය යි. දිවත් රසත් ඇසුරු කොටගෙන දිවේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම ස්පර්ශය යි. කයත් පහසත් ඇසුරු කොට ගෙන දිවේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම ස්පර්ශය යි. මනසත් අරමුණුත් ඇසුරු කොටගෙන මනසේ විඤ්ඤාණය උපදියි. එම කරුණු – තුන සංගත වීම ස්පර්ශය යි. සය වැදෑරුම් ස්පර්ශ කාය දැනගත යුතුයැ යි මෙසේ යමක් පිණිස එය පවසන ලද්දේ ද, එය මෙකරුණ පිණිස පවසන ලදි. (ඡ-ඡක්ක සූත‍්‍රය)

ස්පර්ශය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම කරුණු බොහෝ දෙනෙක් කියවා තිබුණ ද එම බොහෝ දෙනෙකු මග හැරගන්නා හෝ වදරවා ගන්නා කරුණක් තිබෙනවා.

උදාහරණ ලෙස බොහෝ දෙනෙක් සිතා සිටින්නේ ස්පර්ශය යනු ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීමෙන් පසු හට ගන්නා කිසියම් අලුත් ධර්මතාවයක් බව යි. භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉහත දහම් කරුණු විමසිල්ලෙන් අධ්‍යනය කළහොත් එම අදහස සාවද්‍ය බව පැහැදිලි කර ගත හැකි යි.

ස්පර්ශය යනු ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීමෙන් හට ගන්නා අලුත් ධර්මයක් නොව, ස්පර්ශය යනු ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයේත් එක් වීම යි. එකට පැවතීමයි.

උදාහරණ ලෙස සජීවී ඇස ඇති කල්හි ඇසට ඉදිරියෙන් ඇති රූපයක් මනිසිකාරයට යොමු වුවහොත් ඇසේ විඤ්ඤණය උපදියි. එසේ ඇසෙහි විඤ්ඤාණය ඉපදුනු කල්හි එම අවස්ථාවෙහි දී ඇස ද ඇත, රූපය ද ඇත, ඇසේ විඤ්ඤාණය ද ඇත. මේ තුනම ඒ අවස්ථාවේ එකට යෙදී පවතී. එසේ එක්ව තිබීමට ධර්මය තුළ ලබා දෙන වචනය නම් ස්පර්ශයයි. එය සංසිද්ධියක් විනා, ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක් වීමෙන් හට ගන්නා අලුත් ධර්මයක් නොවන බව පැහැදිලිව තේරුම් ගත යුතු ය.

ඔබෙන් යම් අයෙක් මෙසේ ඇසුවොත්,

ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක් වීම නිසා හට ගන්නා ධර්මය කුමක් ද? කියා…

ඇතැම් විට ඔබ ස්පර්ශය කියා පිළිතුරු දීමට ඉඩ තිබේ. ඔබේ පිළිතුර නිවැරදි ද..? නැත.

ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීමෙන් හටගන්නේ වේදනාව, සඤ්ඤාව, චේතනා ආදී ධර්මයන් ය.

එනම් ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීම නිසා වේදනාව හට ගනී. සඤ්ඤාව හට ගනී, චේතනා හට ගනී.

ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීම යනු ස්පර්ශය නිසා අපට ඉහත ප්‍රකාශය කෙටියෙන් මෙසේ දැක්විය හැකියි.

(ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් එක්වීම =) ස්පර්ශය, නිසා වේදනාව හට ගනී. සඤ්ඤාව හට ගනී. චේතනා හට ගනී. වශයෙනි.

ස්පර්ශය යනු මෙසේ සිදුවන සංසිද්ධියක් නිසා එය වෙනම ධර්මයක් ලෙස දැකීම කළ හැකි නොවේ. මේ නිසා ඇසත් රූපත් ඇසේ විඤ්ඤායත් එක්වුණ තැන යමෙකුට අලුතින් දැකිය හැක්කේ වේදනාව නම් ධර්මය යි. සඤ්ඤාව නම් වූ ධර්මයයි. චේතනාව නම් වූ ධර්මය යි.

මේ සම්බන්ධයෙන් උපමාවක් ගත හොත්, යහළුවන් තිදෙනෙකු ගනිමු. එම යහලුවත් තිදෙනා යම් අවස්ථාව එක් තැනක දී මුණ ගැසෙති. එසේ මුණ ගැසීමට අපි රැස්වීම කියා කියමු. එසේ රැස්වීම නිසා එතැන තවත් නොයෙක් ක්‍රියාකාරීත්වයන් හට ගනී. එනම් යහලුවන් තිදෙනා ගේ එක්වීම (රැස්වීම) නිසා වෙනත් ධර්මයන් උපදී. කතා බහ, විහිලු තහලු ආදිය එසේ රැස්වීම නිසා හටගන්නා ධර්මයන් ය.

මෙහි දී තේරුම් ගත යුතු විශේෂ ම කරුණ නම් රැස්වීම සහ රැස්වීම නිසා හටගන්නා ධර්මතා යනුවෙන් දෙකක් ඇති බවය.

එසේ ම ඇසත් රූපත් ඇසේ විඤ්ඤාණයත් යහලුවන් තිදෙනාට උපමා කළහොත් ස්පර්ශය යනු ඔවුන් ගේ එක්වීම යි. මුණ ගැසීම යි. එසේ එක්වීම නිසා උපදින ධර්මයන් ලෙස වේදනාව සඤ්ඤාව චේතනාව ආදිය ගත හැකි ය.

ඇසත් රූපත් මනසිකාරය යොමු වීමත් නිසා විඤ්ඤාණයක් හට ගත් කල්හි, එහි ඇසත් ඇත, රූපයත් ඇත, විඤ්ඤාණයත් ඇත, මෙසේ මේ තුන එහි පැවතීම ම ස්පර්ශ යි. එනිසා යම් තැනක විඤ්ඤාණය හටගත් කල්හි ස්පර්ශය නම් වූ සංසිද්ධිය එතැන ම ඒ මොහොතේ ම තිබේ. එවිට හටගන්නේ වේදනා සඤ්ඤා ආදී ධර්මයන් ය.

මේ නිසා ස්පර්ශය යනු අධ්‍යත්මික ආයතනයත් බාහිර ආයතනයත් විඤ්ඤාණයත් එක්වීම නිසා හටගන්නා ධර්මයක් නොව, ස්පර්ශය යනු අධ්‍යාත්මික ආයතනත් බාහිර අයතනයත් විඤ්ඤාණයත් එක්වීම බව ම තේරුම් ගත යුතු වේ.

ත‍ෙරුවන් සරණයි!

  • Tweet
Tagged under: sadaham, sparshaya, සදහම්, ස්පර්ශය

About BuddhistWorld

අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!! ------------------------------ चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास .... චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්.... Hey Champa !, you have three qualities, color, beauty and fragrance but the only thing you lack is that honey-bees never sit on you.

What you can read next

වෙසක් සදහම් හසුන (2012)
මමත්වය
මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක 01
දුක්
මතක ද අපිට මේ දුක් අපි වින්ද වගක්

1 Comment to “ ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?”

  1. DAMAYANTHI WEERASINGHE says :
    January 5, 2016 at 1:43 am

    ithama pahadili lesa karunu mehi atha. sadu sadu sadu

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

  • සහම්පතී බ්‍රහ්මරාජයා Read more + July 7, 2013 By BuddhistWorld in Sambudu Siritha

    රාගයෙන් රක්ත වූවෝ දහම නො දකිත්

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP