Call Us Free: 1-800-123-4567

මහළු වයස….

මහළු වයස….

1. සසර – සරණ – සතට – දුබල –
මහලූ – වයස – පැමිණි – කලට
ගත ද – හැකිලෙ – වත ද – මැලවෙ –
සෙලවෙතේ – දතා..!

2. එවර – දෙඇස – නො පෙනෙ – දෙකන
බිහිරි – ගතිය – සමග – දෙතොල
සැලූම – යුතු ව – කටිනි – හඩ ද –
ලො – ලො – ලො – ගා – යතා..!

3. අදර – ගුණැති – හිතැති – මිතුරො –
නෑයො – සමග – ඉවත – බලති
පණසෙ – විසුව – පෙමැති – කත ද –
නුරුස්සා – යතා..!

4.ඉඳු – නිල්මිණි – දෙකක් – සදිසි –
දෙනෙත් – සුදුව – කබ – ගලමින්
ගිලූණු – බැවින් – හඳුනන්නට –
බැරිය – දුටුදනා..!

5. මොණර – පිල්සෙ – නිල්වන් – කෙස් –
වැටිය – සුදුව – කපු – කුල්ලක්
විලස – තිබී – ටිකෙන් – ටික ම –
තට්ටෙ – පෑදුනා..!

6. මිහිරි – හඬින් – දන – මන – ගත් –
කැකුළු – වදන් – බැරිව – කිසිත්
කබල් – ඛෙරය – ගසන – විසල –
කලක් – කළ – කතා..!

7. කැකුළු – කොඳසෙ – තිබුණ – දසන් –
කෙතකට – බැඳි – වැට – විලසින්
තිබි – පසුව – වැටී – ගියෙන් –
ලොඹුව – හැකිළුණා..!

8. ලොඹු – දෙකොණින් – කෙළ – පෙරමින් –
ලොල් – ලොල් – ගා – කියන – බසට
මෙකල – මෝඩ – කොල්ලො – පෙලක් –
සිනාසෙති – ඉතා..!

9. රහස් – කියන – විටත් – ඇසුනු –
දෙකන් – බිහිරි – වෙලා – වගේ
හෙණ – ගැහුවත් – පිටිපස්සට –
සද්දයක් – නැතා..!

10. ගෙදර – සිටින – ජාත – පුතු ද –
අපිය – කරයි – දකින – කලට
බලව – තිඛෙන – දුකෙක – මහත –
මේ – ජරා – පතා..!

11. අනේ – බලනු – මැන ව – සසර –
ජරා – මරුව – දෙන – හිරිහැර
මෙලොව – සැමට – වෙති – මේ හැම –
වඩව් – මෙත් – සිතා..!

Comments are closed.

Read this also