DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Budu Guna
  • ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම
January 21, 2021

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම

ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම

by BuddhistWorld / Thursday, 22 July 2010 / Published in Budu Guna, බුදු ගුණ, සදහම් සිතුවිළි

බොහෝ කලක් තිස්සේ තමන් ධර්මය යැයි සිතාගෙන පුරුදු පුහුණු කළ දෘෂ්ටි, භාග්‍යවතුන් වගන්සේගේ විචිත්‍ර උපමා-උපමේය සහිත පැහැදිලි කිරීම් ඉදිරියේ පරඬැල් බවට පත්වෙත්දී ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණි උපාලි ගෘහපති විසින් අන්වර්ථ පද සියයකින් නිගණ්ඨනාථපුත්ත ඉදිරියේදීම අසමසම වූ තිලොවග බුදු සමිඳාණන්ගේ ගුණ වැණූ අයුරු.

මහා නුවණැති හෙයින් ‘ධීර’ නම් වූ
මොහඳුර දුරලූ හෙයින් ‘විගතමෝහ’ නම් වූ
කෙලෙස් හුල් බිඳලු හෙයින් ‘පභිණ්හඛිල’ නම් වූ
මාර සේනා ජයගත් හෙයින් ‘විජිතවිජය’ නම් වූ
කෙලෙස් දුක් රහිත හෙයින් ‘අනීඝ’ නම් වූ
සොඳුරු සමසිත් ඇති හෙයින් ‘සූසමචිත්ත’ නම් වූ
වැඩුණු සිල් ඇති හෙයින් ‘වෘද්ධසීල’ නම් වූ
සොඳුරු ප්‍රඥා ඇති හෙයින් ‘සාධුපඤ්හ’ නම් වූ
කෙලෙස් දුර්ගයෙන් එතෙරට වැඩි හෙයින් ‘වෙස්සන්තර’ නම් වූ
නිමල ගුණ ඇති හෙයින් ‘විමල’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

සැකයෙන් එතෙරට වැඩි හෙයින් ‘අකථංකථි’ නම් වූ
සතුටින් පිරුණු සිත් ඇති හෙයින් ‘තුසිත’ නම් වූ
කාම ගුණ බැහැර කළ හෙයින් ‘වංතලෝකාමිස’ නම් වූ
ලොවේ යහපත දැක සතුටු වන හෙයින් ‘මුදිත’ නම් වූ
ශ්‍රමණ ගුණ සපුරා ගත් හෙයින් ‘කතසමණ’ නම් වූ
උතුම් මිනිසෙක් හෙයින් ‘මනුජ’ නම් වූ
අවසන් සිරුර දරනා හෙයින් ‘අන්තිමසාරීර’ නම් වූ
උදාර මිනිසෙක් හෙයින් ‘නර’ නම් වූ
අලාමක සිත් ඇති හෙයින් ‘අනෝම’ නම් වූ
කෙලෙස් දුහුවිලි නැති හෙයින් ‘විරජ’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

සංකා රහිත සිත් ඇති හෙයින් ‘අසංසය’ නම් වූ
හැමට යහපත සදනා හෙයින් ‘කුල’ නම් වූ
ලෝ සතුන් දමනය කරනා හෙයින් ‘වේණයික’ නම් වූ
දහමේ මැනවින් හික්මවන උතුම් රථාචාර්යා බඳු හෙයින් ‘සාරථීවර’ නම් වූ
උදාර ගුණ ඇති හෙයින් ‘අනුත්තර’ නම් වූ
පිරිසිදු දහම් ඇති හෙයින් ‘රුචිරධම්ම’ නම් වූ
නිසැක ගුණ ඇති හෙයින් ‘නික්කංඛ’ නම් වූ
නුවණින් ලොව එළිය කරනා හෙයින් ‘පභාසකර’ නම් වූ
මානය සිඳලූ හෙයින් ‘මානච්ඡිද’ නම් වූ
මහා වීර ගුණ ඇති හෙයින් ‘වීර’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

අසම ගුණ ඇති හෙයින් ‘නිසභ’ නම් වූ
පමණ කළ නො හැකි ගුණ ඇති හෙයින් ‘අප්පමෙය්‍ය’ නම් වූ
ගැඹුරු නුවණැති හෙයින් ‘ගම්භීර’ නම් වූ
මුනි දහමට පත් වු හෙයින් ‘මෝනපත්ත’ නම් වූ
බිය රහිත ගුණයෙන් යුතු හෙයෙන් ‘ඛේමංකර’ නම් වූ
ලොවෙහි දෙවියන් බඳු හෙයින් ‘දේව’ නම් වූ
ධර්මයෙහි පිහිටි හෙයින් ‘ධම්මට්ඨ’ නම් වූ
සංවර සිත් ඇති හෙයින් ‘සංවුතත්ත’ නම් වූ
කෙලෙස් ඉක්ම ගිය හෙයින් ‘සංඝාතික’ නම් වූ
දුකින් නිදහස් වු හෙයින් ‘මුත්ත’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

මහා ඇත් රජෙකු වැනි හෙයින් ‘නාග’ නම් වූ
ඈත වනයේ වසනා හෙයින් ‘පංතසේන’ නම් වූ
කෙලෙස් බැඳීම් ගෙවා දැමු හෙයින් ‘ඛීණසංයෝජන’ නම් වූ
කෙලෙසුන් ගෙන් නිදහස් වු හෙයින් ‘මුත්ත’ නම් වූ
නුවණින් යුතු කථාබහ ඇති හෙයින් ‘පටිමංතක’ නම් වූ
කෙලෙස් සෝදා හළ හෙයින් ‘ධෝණ’ නම් වූ
මානධජ බිම හෙලු හෙයින් ‘පන්නද්ධජ’ නම් වූ
වීතරාගී හෙයින් ‘වීතරාග’ නම් වූ
දමනය වූ හෙයින් ‘දමිත’ නම් වූ
කෙලෙස් සිතිවිලි රහිත වූ හෙයින් ‘නිප්පපංච’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

සත් බුදුවරුන් අතරේ සත් වැනි මහා ඍෂි වූ හෙයින් ‘ඉසිසත්තම’ නම් වූ
කුහක ගති නැති හෙයින් ‘අකුහ’ නම් වූ
ත්‍රිවිද්‍යාව ලද හෙයින් ‘තේවිජ්ජ’ නම් වූ
ශ්‍රේෂ්ඨත්වයට පත් වූ හෙයින් ‘බ්‍රහ්මපත්ත’ නම් වූ
කෙලෙස් සෝදා හළ හෙයින් ‘නහාතක’ නම් වූ
දහම් පද මැනවින් දෙසනා හෙයින් ‘පදක’ නම් වූ
සැහැල්ලු සිත කය ඇති හෙයින් ‘පස්සද්ධ’ නම් වූ
දුටු දහම් ඇති හෙයින් ‘විදිතවේද’ නම් වූ
හැමට පළමුව ධර්ම දානය බෙදා දුන් හෙයින් ‘පුරින්දද’ නම් වූ
සියලු ගුණයට දක්‍ෂ හෙයින් ‘සක්ක’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

ආර්ය ගුණ ඇති හෙයින් ‘අරිය’ නම් වූ
වඩන ලද සිත් ඇති හෙයින් ‘භාවිතත්ත’ නම් වූ
උතුම් ගුණයට සපැමිණි හෙයින් ‘පත්තිපත්ත’ නම් වූ
දහම මැනවින් තෝරා දෙන හෙයින් ‘වෙය්‍යාකරණ’ නම් වූ
මනා සිහි නුවණ ඇති හෙයින් ‘සතිමා’ නම් වූ
නුවණින් ලොව දක්නා හෙයින් ‘විපස්සී’ නම් වූ
රහත් ගුණයෙන් යුතු හෙයින් ‘අනභිනත’ නම් වූ
සියලු නුගුණින් බැහැර වූ හෙයින් ‘අනපණත’ නම් වූ
තෘෂ්ණා නැති හෙයින් ‘අනේජ’ නම් වූ
වසඟ කළ සිත් ඇති හෙයින් ‘වසිප්පත්ත’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

යහපත් මග වැඩි හෙයින් ‘සම්මග්ගත’ නම් වූ
ධ්‍යාන වඩනා හෙයින් ‘ඣායී’ නම් වූ
කෙලෙස් හා එක් නො වූ සිත් ඇති හෙයින් ‘අනනුගතන්තර’ නම් වූ
පාරීශුද්ධ සිත් ඇති හෙයින් ‘ශුද්ධ’ නම් වූ
කෙලෙස් රහිත හෙයින් ‘අසිත’ නම් වූ
නැති නොවන ගුණයෙන් හෙයින් ‘අප්පහීණ’ නම් වූ
හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් ‘පවිවිත්ත’ නම් වූ
ලොවෙහි මුදුනට පත් වූ හෙයින් ‘අග්ගපත්ත’ නම් වූ
සසරෙන් එතෙරට වැඩි හෙයින් ‘තිණ්ණ’ නම් වූ
අනුන් එතෙර කරවන හෙයින් ‘තාරයන්ත’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

ශාන්ත විහරණ ඇති හෙයින් ‘සන්ත’ නම් වූ
ගම්භීර ප්‍රඥා ඇති හෙයින් ‘භූරිපඤ්ඤ’ නම් වූ
මහා ප්‍රඥා ඇති හෙයින් ‘මහාපඤ්ඤ’ නම් වූ
ලෝභය දුරු වී ඇති හෙයින් ‘වීතලෝභ’ නම් වූ
සත්‍යයට පත් වූ හෙයින් ‘තථාගත’ නම් වූ
සොඳුරු ගමනක් වැඩි හෙයින් ‘සුගත’ නම් වූ
එවැනි වෙන කෙනෙකු නැති හෙයින් ‘අප්පටිපුග්ගල’ නම් වූ
සමාන කෙනෙක් නැති හෙයින් ‘අසම’ නම් වූ
විශාරද ඤාණ ඇති හෙයින් ‘විසාරද’ නම් වූ
සියුම් නුවණැති හෙයින් ‘නිපුණ’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

තණ්හාව සිඳුලූ හෙයින් ‘තණ්හච්ඡිද’ නම් වූ
අවබෝධයට පත් වූ හෙයින් ‘බුද්ධ’ නම් වූ
කෙලෙස් දුම් බැහැර කළ හෙයින් ‘වීතධූම’ නම් වූ
කෙලෙස් හා නො තැවරී සිටින හෙයින් ‘අනුපලිත්ත’ නම් වූ
පුද පූජාවන්ට සුදුසු හෙයින් ‘ආහුණෙය්‍ය’ නම් වූ
ශ්‍රේෂ්ඨ උතුමකු හෙයින් ‘යක්ඛ’ නම් වූ
උතුම් පුද්ගලයෙකු හෙයින් ‘උත්තමපුග්ගල’ නම් වූ
අසාමාන්‍ය ගුණ ඇති හෙයින් ‘අතුල’ නම් වූ
මහා ගුණ ඇති හෙයින් ‘මහා’ නම් වූ
මහා යසසට පත් වූ හෙයින් ‘මහතෝයසග්ගපත්ත’ නම් වූ
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම….

සාදු සාදු සාදු!!!

  • Tweet
Tagged under: Budu Guna, shrawaka, shrawakaya, shrawakayo, අනන්ත බුදු ගුණ, බුදු ගුණ, ශ්‍රාවකයා

About BuddhistWorld

අරහත් වූ, ලෝකයෙහි සුගත වූ, ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ මෙහෙකරුවා වෙමි මම්..!!! ------------------------------ चम्पा तुझमें तीन गुण - रंग, रूप और बास ; अवगुण तुझमें एक ही कि भंवर न आए पास .... චම්පා, තුජ් මේ තීන් ගුන් - රංග්. රූප්, ඕර් බාස් - අවගුන් තුජ් මේ ඒක් හී කි, භන්වර් න ආඒ පාස්.... Hey Champa !, you have three qualities, color, beauty and fragrance but the only thing you lack is that honey-bees never sit on you.

What you can read next

මම බලා සිටියෙමි
මහණ වෙන්න
මහණ වෙන්නට යන්න – අම්මෙ අවසර දෙන්න
වෙසක්
වෙසක් සදහම් හසුන (2010)

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP