තුන් සූත්‍රය (මහ පිරිත)
Monday, 07 October 2019
තුන් සූත්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ, මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය යන මහා ආනුභාව සම්පන්න පිරිත් දේශනා තුන යි. මහපිරිත යටතේ සජ්ඣායනා කරනු ලබන්නේ මෙම උතුම් දේශනාවන් ය. දිනපතා තෙරුවන් වන්දනාවෙන් සහ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව මෙම තුන් සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කළ හැකි නම්, නොමිනිස් උපද්‍රව ආදී බොහෝ උවදුරු දුරු කරගෙන මහත්ආනිශංස සළසා ගත හැකි වනු ඇත.
No Comments
බුද්ධ පූජා ගාථා
Sunday, 06 October 2019
අපගේ ශාස්තෘ වූ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් ශෝභමාන වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධපූජා පැවැත්වීමට යොදා ගන්නා උතුම් බුද්ධ පූජා ගාථා ධර්මයන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. විශේෂයෙන් ම සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑව ද, ජීවමාන බුදු රජාණන් වහන්සේට සිදු කරන පූජාවක් සේ සළකා මහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වීමෙන් ජීවමාන බුදු රජාණන් වහන්සේට
බොජ්ඣංග පිරිත
Saturday, 05 October 2019
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බොජ්ඣංග ධර්මයන් ඇතුළත් බොජ්ඣංග පිරිත් කිහිපයක් ම පිරිත් පොත් වහන්සේ තුළ ඇතුළත් වේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ මහා කස්සප මහරහතන් වහන්සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග ධර්මයන් ඇතුළත් කොට දේශනා කරන ලද මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත ත්, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත ත් එසේ ම භාග්‍යවතුන්
තෙරුවන් වන්දනා ගාථා
Saturday, 05 October 2019
තෙරුවන් වන්දනා කිරීමේ වැදගත්කම! තුණුරුවන සියලු සත්වයන්ට ඇති එකම පිළිසරණයි. සසර දුකට වැටී සිටින සත්වයා හට සියලු දුක් නිමාකරගෙන උතුම් අමා නිවනට පත් විය හැක්කේ තෙරුවන් සරණ යෑමෙන් ම ය. එම නිසා, පරම සැපය වන නිවන් සැප සළසා දෙන තෙරුවන් කෙරෙහි ආදර ගෞරවයෙන්, කෘත ගුණ දැක්වීම් වශයෙන් සිදු කරනු ලබන තෙරුවන් වන්දනා ව මහත් ඵල මහානිශංස ගෙන
දඹදිව උතුම් බුද්ධ භූමි වන්දනා කරමු
Wednesday, 29 September 2010
෴ජාත චේතිය වන්දනා කරමු෴ (මහා බෝසතාණන් වහන්සේ උපත ලද ලූම්බිණී පින්බිම වන්දනා කිරීම) මායාසුතෝ සුගත සාකිය සීහනාථෝ ජාතක්ඛණේ සපදසා මහි චංකමිත්වා යස්මිං උදීරයි ගිරිං වර ලූම්බිණිම්හි තං ජාත චේතියමහං සිරසා නමාමි ෴ මායා බිසව්ගේ කුසින් – වැඩි බෝසතාණෝ ඒ මොහොතෙ දී පියවරින් – සක්මන් කළෝ මෙහි විහිදූ මිහිරි සිහනදින් – ලූම්බිණී උයන්හී ඒ ජාත චේතිය
- 1
- 2