‘රත්තරන්‘ මොන පාට යි ද?
Friday, 06 May 2011
නමෝ බුද්ධාය! දයාබර යාලුවනේ.. භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්ම විනය තුළ තිබෙනවා, ‘ජාතරූප රජත‘ පිළිබඳව ඒ කියන්නේ ‘රන් රිදී මසු කහවනු‘ පිළිබඳව කියැවෙන එක්තරා සික්ෂාපදයක්. මේ ශික්ෂාපදය පළමුවැනි ධර්මසංගායනාවේ දී සංගායනා කරන මහරහතන් වහන්සේලා ඒ සිල්පදයේ තිබෙන ‘ජාතරූප‘ කියන වචනය මේ විදියට යි විස්තර කළේ.. “ජාතරූපං නාම සත්‌ථුවණ්‌ණො වුච්‌චති“ ඔබ දන්නව ද, ‘ජාතරූප‘ කියා කියන්නේ පාලියෙන්
- Published in Budu Guna, දැහැමි සිතුවිළි
No Comments
සුවඳ වෙන්න කැමති යි ද?
Monday, 11 April 2011
සුගන්ධ ථේරාපදානය ඇසුරිනි. සුවඳ වෙන්න හැමෝම කැමති යි. එහෙම නේ ද? ඒත් මේ කය ගඳයි. ඒක තමයි ඇත්ත. ඉතින් මේ කය ගඳ හින්ද ම නිතර නාන්න හෝදන්න ඕන. ඒ වගේ ම සුවඳට ඉන්න කැමති අය එක එක සෙන්ට් වර්ග ත් පාවිච්චි කරනවා. ඒවයෙ සුවඳත් ඉතින් වැඩි වෙලාවක් නම් තියෙන්නෙ නැහැ. දාඩිය ගඳත් එක්ක කවලම් වෙලා
- Published in Budu Guna, දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
නමඳිමු ඒ මුනි ගුණ මත්තේ
Sunday, 05 September 2010
බුදු ගුණ භාවනාව නොඑසේ නම් බුද්ධානුස්සති භාවනාව යනු නිවන දක්වාම දියුණු කළ හැකි අනන්ත අප්‍රමාණ ආනිශංස ගෙන දෙන අනුස්සති භාවනා අතර පළමු භාවනාවයි. මෙම උතුම් භාවනාව උදෙසා අපගේ බුදු රජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ විස්තර වශයෙන්දැන සිටීම ඉතා ප්‍රයෝජනවත් ය. බුදු ගුණ භාවනාවේ යෙදීම පිණිස උපයෝගී කරගත හැකි භාවනා වාක්‍ය පහත දැක්වේ. බුදු ගුණ භාවනාව 1.
- Published in Budu Guna, බුදු ගුණ, භාවනා වාක්‍ය
ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා වෙමි මම
Thursday, 22 July 2010
බොහෝ කලක් තිස්සේ තමන් ධර්මය යැයි සිතාගෙන පුරුදු පුහුණු කළ දෘෂ්ටි, භාග්‍යවතුන් වගන්සේගේ විචිත්‍ර උපමා-උපමේය සහිත පැහැදිලි කිරීම් ඉදිරියේ පරඬැල් බවට පත්වෙත්දී ශ්‍රී සද්ධර්මය නුවණින් විමසා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පැමිණි උපාලි ගෘහපති විසින් අන්වර්ථ පද සියයකින් නිගණ්ඨනාථපුත්ත ඉදිරියේදීම අසමසම වූ තිලොවග බුදු සමිඳාණන්ගේ ගුණ වැණූ අයුරු. මහා නුවණැති හෙයින් ‘ධීර’ නම් වූ මොහඳුර දුරලූ හෙයින්
- Published in Budu Guna, බුදු ගුණ, සදහම් සිතුවිළි
බුදු ගුණ අනන්ත යි ෴ 06
Thursday, 12 November 2009
බුදු ගුණ අනන්තයි 05 කොටස 501. සෝ භගවා ඉතිපි කතකිච්චෝ:- නිවන් මගෙහි සියලු කටයුතු පරිපූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකිච්ච’ වන සේක. 502. සෝ භගවා ඉතිපි කතහත්ථෝ:- නිවන් මග පිළිබඳ කෘතහස්ථ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතහත්ථ’ වන සේක. 503. සෝ භගවා ඉතිපි කතයොග්ගෝ:- මැනවින් ප්‍රගුණ කොට නිම කළ නිවන් මග ඇති හෙයින් ඒ භාග්‍යවතුන්
- Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.