ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.
Wednesday, 30 October 2019
පහුගිය දිනවල අප සැමගේ හද කම්පා කරවන පුවතක් විදෙස් මාධ්‍ය වලින් අපට අසන්නට ලැබුනා. ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ අවුරුදු දෙකක් පමණ වයස සුජිත්නම් කුඩා දරුවෙකු ළිං කුහරයක් තුළ සිර වී දින කිහිපයක් තිස්සේ ම ජීවිතය යදිමින් සිටි පුවතයි. ලෝකයක්ම මහත් කම්පාවෙන් සහ හද පිරි අනුකම්පාවෙන් බලා සිටියේ ඒ පුතනුවන් බේරාගන්නට හැකිවේවා යන උතුම් ප්‍රාර්ථනාවක් සමගිනුයි.
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
1 Comment
ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?
Monday, 22 July 2013
ජීවිතයේ ක්‍රියාකාරිත්වය විවිධ අයුරින් බෙදා විග්‍රහ කොට දැක්වීමට අපගේ භාග්‍යවතුන් වහන්සේ සතු වූයේ ඉතා විශ්මිත හැකියාවක්. ජීවිත ක්‍රියාවලියෙහි සියලු දෑ බුදු රජාණන් වහන්සේ අතැඹුලක් ලෙස දැනගෙන ලෝකයට විවර කොට වදාළා. එසේ විවර කොට වදාළ ධර්මතා මහත් සමූහයක් අපට ත්‍රිපිටක දේශනාවන් හි මුණගැසෙනවා. ඒ අතරින් අපට නිරන්තරයෙන් මුණ ගැසෙන වචනයක් තමයි ස්පර්ශය කියා කියන්නේ. වේදනා සඤ්ඤා
- Published in සදහම් සිතුවිළි
මම, මගේ ප්‍රතිරූපය සහ සසර දුක 01
Friday, 05 July 2013
මම.. යනු කුමක් ද.. සැබැවින් ම මමෙක් ලෝකයේ සිටියි ද.. මම යන මෙය හට ගත්තේ කෙසේ ද… යන මෙම ගැටලුව පවා සම්බුදු වරයෙකුගේ පහළ වීමෙන් තොරව ලෝකයේ වෙන කිසිවෙකුගේ සිත තුළ හට නො ගන්නා විරූ දෙයකි. අප එසේ පවසන්නේ, ‘මම‘ යන මේ සංකල්පනාව සැකයකින් තොරව ම බරපතල ලෙස සෑම සාමාන්‍ය පුද්ගලයෙකු ගේ ම මනස තුළ
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
මොනවද මේ ආශ්‍රව ?
Friday, 11 May 2012
“ආශ්‍රව“ කියන වචනය භාග්‍යවතුන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය තුළ අපට නිතර හමුවන වචනයක්. ආශ්‍රව වලට පාළියෙන් කියන්නේ “ආසවා“ කියල යි. ඇත්තෙන් ම මොනව ද මේ ආශ්‍රව කියල කියන්නේ.? ආසව කියන පාළි වචනයට අර්ථ සමුදායක් තියෙනවා. සැරව වලට කියන්නෙත් ආසව කියල යි. බොහෝ කාලයක් තිස්සේ පැසවන, පල්වෙන දේවල් වලට කියන්නෙත් ආසව කියල යි. උදාහරණයක් විදියට, බොහෝ
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
2600 වැනි උතුම් ශ්‍රී ධර්මචක්‍ර ජයන්තිය
Wednesday, 13 July 2011
ඇසළ පුන් පොහෝ දිනයට තව තිබෙන්නේ ඉතා ම සුලු කාලය යි. ඇසළ පොහොය අපට විශේෂ වන්නේ ඇයි ද කියා අපි හැමෝම දන්නවා. ඒ අතරිනුත් මෙවර ඇසළ පුන් පොහෝ දිනය ඉතා සුවිශේෂී එකක් වෙන්නේ, එදිනට අප ගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් දම්සක් දෙසුම පවත්වා වසර 2600 ක් සම්පූර්ණ වීම නිසයි. එනම් එදින උතුම් ශ්‍රී ධර්මචක්‍ර ජයන්තිය සැමරෙන දිනය
- Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි