DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Budu Guna
  • බුදු ගුණ අනන්ත යි ෴ 05
January 21, 2021

බුදු ගුණ අනන්ත යි ෴ 05

බුදු ගුණ අනන්ත යි ෴ 05

by Agra Evanesceca / Wednesday, 11 November 2009 / Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
භගවා

බුදු ගුණ අනන්තයි 04 කොටස

401. සෝ භගවා ඉතිපි ආයතනකුසලෝ:- අධ්‍යාත්මික බාහිර ආයතන විෂයෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආයතනකුසල’ වන සේක.

402. සෝ භගවා ඉතිපි ආමන්තකෝ:- සද්ධර්මයෙන් ලෝකය අමතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආමන්තක’ වන සේක.

403. සෝ භගවා ඉතිපි ආරද්ධවිරියෝ:- ඇරඹූ වීරියෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරද්ධවිරිය’ වන සේක.

404. සෝ භගවා ඉතිපි ආරක්ඛසති:- සුරකින ලද සිහියක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරක්ඛසති’ වන සේක.

405. සෝ භගවා ඉතිපි ආරාචාරී:- ලෝකයෙන් වෙන් වී හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරාචාරී’ වන සේක.

406. සෝ භගවා ඉතිපි ආරෝගගතෝ:- පරම නිරෝගී භාවය නම් වූ නිවනට වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝගගත’ වන සේක.

407. සෝ භගවා ඉතිපි ආරෝහපරිණාහසම්පන්නෝ:- ආරෝහපරිණාහසම්පන්න හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආරෝහපරිණාහසම්පන්න’ වන සේක.

408. සෝ භගවා ඉතිපි ආලෝකකරෝ:- ප්‍රඥා ආලෝකය ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකකර’ වන සේක.

409. සෝ භගවා ඉතිපි ආලෝකදදෝ:- ප්‍රඥා ආලෝකය ලබා දෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකදද’ වන සේක.

410. සෝ භගවා ඉතිපි ආලෝකබහුලෝ:- ප්‍රඳා ආලෝකයෙන් ගැවසී ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආලෝකබහුල’ වන සේක.

411. සෝ භගවා ඉතිපි ආසවඛීණෝ:- සියලු ආශ්‍රව ක්ෂය කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ආසවඛීණ’ වන සේක.

412. සෝ භගවා ඉතිපි අනිමිත්තරතෝ:- නිමිති රහිත සමවත් කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තරත’ වන සේක.

413. සෝ භගවා ඉතිපි අත්ථකාරේතා:- තුන් ලොවට යහපත සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අත්ථකාරේතා’ වන සේක.

414. සෝ භගවා ඉතිපි අජාතප්පත්තෝ:- නො ඉපදෙන ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අජාතප්පත්ත’ වන සේක.

415. සෝ භගවා ඉතිපි අභූතප්පත්තෝ:- හට නො ගත් ස්වභාවය වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අභූතප්පත්ත’ වන සේක.

416. සෝ භගවා ඉතිපි අකතප්පත්තෝ:- කිසිවකින් සකස් නො කළ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතප්පත්ත’ වන සේක.

භගවා

417. සෝ භගවා ඉතිපි ඉච්ඡාවිනයෝ:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉච්ඡාවිනය’ වන සේක.

418. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියගුත්තෝ:- ඉන්ද්‍රියයන් ආරක්ෂා කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියගුත්ත’ වන සේක.

419. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවුතෝ:- ඉන්ද්‍රියයන් සංවර කර ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවුත’ වන සේක.

420. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසම්පන්නෝ:- ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසම්පන්න’ වන සේක.

421. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියකුසලෝ:- සියලු ඉන්ද්‍රියයන් පිළිබඳ දක්ෂ හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියකුසල’ වන සේක.

422. සෝ භගවා ඉතිපි ඉන්ද්‍රියසංවරසම්පන්නෝ:- ඉන්ද්‍රිය සංවරයෙන් සමන්විත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්ද්‍රියසංවරසම්පන්න’ වන සේක.

423. සෝ භගවා ඉතිපි ඉන්දීවරෝ:- නිලුපුල් මලක් මෙන් ඉතා ශෝභමාන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දීවර’ වන සේක.

424. සෝ භගවා ඉතිපි ඉන්දඛීලූපමෝ:- ඉන්ද්‍රඛීලයක් මෙන් නො සැලෙස හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉන්දඛීලූපම’ වන සේක.

425. සෝ භගවා ඉතිපි ඉද්ධිප්පත්තෝ:- ඉර්ධි බලයන්ට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිප්පත්ත’ වන සේක.

426. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදකුසලෝ:- ඉර්ධිපාද පිළිබඳ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදකුසල’ වන සේක.

427. සෝ භගවා ඉතිපි ඉද්ධිපාදසම්පන්නෝ:- සතර සෘද්ධිපාදයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිපාදසම්පන්න’ වන සේක.

428. සෝ භගවා ඉතිපි ඉද්ධිඤාණපරිභාවිතෝ:- ඉද්ධිබල උපදවන ඤාණ වඩන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉද්ධිඤාණපරිභාවිත’ වන සේක.

429. සෝ භගවා ඉතිපි ඉරියාපථසම්පන්නෝ:- සොඳුරු ඉරියව් පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉරියාපථසම්පන්න’ වන සේක.

430. සෝ භගවා ඉතිපි ඉසි:- සෘෂි ගුණ දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසි’ වන සේක.

431. සෝ භගවා ඉතිපි ඉසිසත්තමෝ:- සත් බුදු රජාණන් වහන්සේලා අතරින් සත්වැනි මහා සෘෂින් වහන්සේ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ ඉසිසත්තම’ වන සේක.

432. සෝ භගවා ඉතිපි ඉසිනිසභෝ:- අති ශ්‍රේෂ්ඨ සෘෂීන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඉසිනිසභ’ වන සේක.

භගවා

433. සෝ භගවා ඉතිපි උක්කාධාරෝ:- අවිදු අඳුර දුරු කරන ප්‍රඥා ගිනි සිළුව දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්කාධාර’ වන සේක.

434. සෝ භගවා ඉතිපි උක්ඛිත්තපළිඝෝ:- අවිද්‍යාව නම් වූ දොර පොල්ල ඔසවා තැබූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උක්ඛිත්තපළිඝ’ වන සේක.

435. සෝ භගවා ඉතිපි උග්ගතපෝ:- උග්‍ර තපස් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ගතප’ වන සේක.

436. සෝ භගවා ඉතිපි උග්ඝාතිනිග්ඝාතිවීතිවත්තෝ:- ඇලීම් ගැටීම් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උග්ඝාති නිග්ඝාති වීතිවත්ත’ වන සේක.

437. සෝ භගවා ඉතිපි උච්ඡේදවාදී:- සියළු අකුසලයන් ගේ විනාශය පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උච්ඡේදවාදී’ වන සේක.

438. සෝ භගවා ඉතිපි උජු:- සෘජු ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජු’ වන සේක.

439. සෝ භගවා ඉතිපි උජුභූතෝ:- සෘජු ස්වභාව ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජුභූත’ වන සේක.

440. සෝ භගවා ඉතිපි උත්තමපුරිසෝ:- උතුම් පුරුෂ රත්නයක් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමපුරිස’ වන සේක.

441. සෝ භගවා ඉතිපි උත්තමවණ්ණෝ:- උත්තම වර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමවණ්ණ’ වන සේක.

442. සෝ භගවා ඉතිපි උත්තමපුග්ගලෝ:- උතුම් ගුණ දරණ පුද්ගලයාණන් වහන්සේ වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තමපුග්ගල’ වන සේක.

443. සෝ භගවා ඉතිපි උත්තමදමථප්පත්තෝ:- උතුම් හික්මීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම දමථප්පත්ත’ වන සේක.

444. සෝ භගවා ඉතිපි උත්තමසමථප්පත්තෝ:- උතුම් සංසිඳීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම සමථප්පත්ත’ වන සේක.

445. සෝ භගවා ඉතිපි උත්තමෝ:- තුන් ලොවට ම උත්තම වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තම’ වන සේක.

446. සෝ භගවා ඉතිපි උත්තරණෝ:- සසරින් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තරණ’ වන සේක.

447. සෝ භගවා ඉතිපි උත්තිණ්ණවිචිකිච්ඡා:- සැකයෙන් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උත්තිණ්ණ විචිකිච්ඡා’ වන සේක.

448. සෝ භගවා ඉතිපි උදග්ගචිත්තෝ:- ඉතා ප්‍රීතිමත් සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උදග්ගචිත්ත’ වන සේක.

449. සෝ භගවා ඉතිපි උදග්ගලෝමෝ:- දකුණට කැරකැවී උඩට හැරුණු නිල්වන් ලෝම ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උදග්ගලෝම’ වන සේක.

450. සෝ භගවා ඉතිපි උපට්ඨිතසතී:- එළඹ සිටි සිහි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපට්ඨිතසතී’ වන සේක.

භගවා

451. සෝ භගවා ඉතිපි උපසන්තුපසන්තෝ:- සන්සිඳීමෙන් සන්සිඳීමට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තුපසන්ත’ වන සේක.

452. සෝ භගවා ඉතිපි උපරතෝ:- සංස්කාරයන්ගෙන් වෙන් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපරත’ වන සේක.

453. සෝ භගවා ඉතිපි උපසන්තචිත්තෝ:- සන්සිඳීගිය සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපසන්තචිත්ත’ වන සේක.

454. සෝ භගවා ඉතිපි උප්පාදේතා:- නූපන් නිවන් මග උපදවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උප්පාදේතා’ වන සේක.

455. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාධිමුත්තෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනට පත් ව දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානක්ඛයාධිමුත්ත’ වන සේක.

456. සෝ භගවා ඉතිපි උපාදානක්ඛයාරාමෝ:- උපාදාන ක්ෂය වීම නම් වූ නිවනේ වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානක්ඛයාරාම’ වන සේක.

457. සෝ භගවා ඉතිපි උපාදානප්පමෝචකෝ:- උපාදානයන් ගෙන් මුදවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාදානප්පමෝචක’ වන සේක.

458. සෝ භගවා ඉතිපි උපායකුසලෝ:- කුසල් දහම් හි අභිවෘද්ධිය පිළිබඳ ඉතා දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපායකුසල’ වන සේක.

459. සෝ භගවා ඉතිපි උපාතිවත්තෝ:- සසර ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපාතිවත්ත’ වන සේක.

460. සෝ භගවා ඉතිපි උපෙක්ඛකෝ:- සියලු තැන්හි මැදහත් සිත් දරණා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපෙක්ඛක’ වන සේක.

461. සෝ භගවා ඉතිපි උපෙක්ඛාවිහාරී:- උපේක්ෂා විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපෙක්ඛාවිහාරී’ වන සේක.

462. සෝ භගවා ඉතිපි උජ්ජෝතකරෝ:- ප්‍රඥා බැබළීම ඇති කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජ්ජෝතකර’ වන සේක.

463. සෝ භගවා ඉතිපි උළාරෝ:- උදාර ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උළාර’ වන සේක.

464. සෝ භගවා ඉතිපි උළාරපාමොජ්ජෝ:- අති මහත් ප්‍රමුදිත භාවයකින් වැඩ සිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උළාරපාමොජ්ජ’ වන සේක.

465. සෝ භගවා ඉතිපි උස්සංඛපාදෝ:- උස්ව පිහිටි ගොප් ඇට ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උස්සංඛපාද’ වන සේක.

466. සෝ භගවා ඉතිපි උද්දරන්තෝ:- සසර සයුරින් නගා සිටුවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උද්දරන්ත’ වන සේක.

467. සෝ භගවා ඉතිපි උපායමග්ගඤ්ඤූ:- සසරින් එතෙර වන උපාය මාර්ගය දන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උපායමග්ගඤ්ඤූ’ වන සේක.

468. සෝ භගවා ඉතිපි උජ්ජුගතෝ:- සෘජු මග වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උජ්ජුගත’ වන සේක.

469. සෝ භගවා ඉතිපි උණ්හීසසීසෝ:- පිරිපුන් නළල් තල ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උණ්හීසසීස’ වන සේක.

470. සෝ භගවා ඉතිපි උච්ඡිණ්ණභවතණ්හා:- භව තෘෂ්ණාව සිද දමන ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛උච්ඡිණ්ණභවතණ්හා’ වන සේක.

භගවා

471. සෝ භගවා ඉතිපි ඒකචාරී:- තණ්හාව නම් වූ දෙවැන්නා ගෙන් තොර ව හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකචාරී’ වන සේක.

472. සෝ භගවා ඉතිපි ඒකමාසීනෝ:- එකලාව දිවි ගෙවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකමාසීන’ වන සේක.

473. සෝ භගවා ඉතිපි ඒකභත්තිකෝ:- පෙර වරු සමයේ පමණක් ආහාර ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකභත්තික’ වන සේක.

474. සෝ භගවා ඉතිපි ඒකරත්තෝ:- හුදෙකලාවේ ඇලුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකරත්ත’ වන සේක.

475. සෝ භගවා ඉතිපි ඒකග්ගචිත්ත:- ඒකඟ වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකග්ගචිත්ත’ වන සේක.

476. සෝ භගවා ඉතිපි ඒකපුග්ගලෝ:- සමාන වූ දෙවැනි පුද්ගලයෙකු මුලු තුන්ලොවෙහි ම නො මැති හෙයින් (තුන් ලොවෙහි ම සිටින එවැනි එක ම පුද්ගලයාණන් වහන්සේ වන හෙයින්) ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකපුග්ගල’ වන සේක.

477. සෝ භගවා ඉතිපි ඒකන්තවීතරාගෝ:- ඒකාන්ත වශයෙන් ම රාගය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතරාග’ වන සේක.

478. සෝ භගවා ඉතිපි ඒකන්තවීතදෝසෝ:- ඒකාන්ත වශයෙන් ම ද්වේශය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතදෝස’ වන සේක.

479. සෝ භගවා ඉතිපි ඒකන්තවීතමෝහෝ:- ඒකාන්ත වශයෙන් ම මෝහය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතමෝහ’ වන සේක.

480. සෝ භගවා ඉතිපි ඒකන්තවීතසෝකෝ:- ඒකාන්ත වශයෙන් ම ශෝකය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්තවීතසෝක’ වන සේක.

481. සෝ භගවා ඉතිපි ඒකන්තනික්කිලේසෝ:- ඒකාන්ත වශයෙන් ම නිකෙළෙස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත නික්කිලේස’ වන සේක.

482. සෝ භගවා ඉතිපි ඒකන්තපරිසුද්ධෝ:- ඒකාන්ත වශයෙන් ම පාරිශුද්ධ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත පරිසුද්ධ’ වන සේක.

483. සෝ භගවා ඉතිපි ඒකන්තපරිපුණ්ණෝ:- ඒකාන්ත වශයෙන් ම පරිපූර්ණ ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකන්ත පරිපුණ්ණ’ වන සේක.

484. සෝ භගවා ඉතිපි ඒකවීරෝ:- තනිව ම මරු ජයගත් මුළු තුන් ලොවෙහි ම සිටින එක ම විරුවාණන් වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකවීර’ වන සේක.

485. සෝ භගවා ඉතිපි ඒකේකලෝමෝ:- එක් එක් රෝම කූපයෙහි හට ගත් එක් එක් රෝම සහිත මහා පුරුෂ ලක්ෂණය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකේකලෝම’ වන සේක.

486. සෝ භගවා ඉතිපි ඒණිජංඝෝ:- ඒණි නම් මුවන් ගේ බඳු කෙණ්ඩා සහිත මහා පුරුෂ ලක්ෂණය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒණිජංඝ’ වන සේක.

487. සෝ භගවා ඉතිපි ඒකෝදිභූතෝ:- අතිශයින් එකඟ වූ සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකෝදිභූත’ වන සේක.

488. සෝ භගවා ඉතිපි ඒකාරෝ:- සතිය නම් වූ එක ම අරය ඇති අනුත්තර සංග්‍රාම රථය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකාර’ වන සේක.

489. සෝ භගවා ඉතිපි ඒකාරක්ඛෝ:- සතියෙන් සුරැකුණු ජීවිත ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඒකාරක්ඛ’ වන සේක.

භගවා

490. සෝ භගවා ඉතිපි ඔක්ඛිත්තචක්ඛු:- පහතට හැර වූ දෙනෙත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඔක්ඛිත්තචක්ඛු’ වන සේක.

491. සෝ භගවා ඉතිපි ඕඝාතිගෝ:- කෙළෙස් සැඩ වතුරු ඉක්මවා වැඩි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝාතිග’ වන සේක.

492. සෝ භගවා ඉතිපි ඕඝතිණ්ණෝ:- සසර සැඩ පහරින් එතෙර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕඝතිණ්ණ’ වන සේක.

493. සෝ භගවා ඉතිපි ඕදාතමනසංකප්පෝ:- සුදෝසුදු නිකෙළෙස් සිතිවිළි ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕදාතමනසංකප්ප’ වන සේක.

494. සෝ භගවා ඉතිපි ඕපම්මකුසලෝ:- සදහම් උපමා පැවසීමෙහි දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕපම්මකුසල’ වන සේක.

495. සෝ භගවා ඉතිපි ඕභාසකරෝ:- ප්‍රඥා ඕභාසය ඇති කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕභාසකර’ වන සේක.

496. සෝ භගවා ඉතිපි ඕභාසජාතෝ:- හටගත් ප්‍රඥා බැබළීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕභාසජාත’ වන සේක.

497. සෝ භගවා ඉතිපි ඕහිතභාරෝ:- බහා තැබූ පංචඋපාදානස්කන්ධ බර ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕහිතභාර’ වන සේක.

498. සෝ භගවා ඉතිපි ඕවාදකෝ:- සද්ධර්මයෙන් අවවාද කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛ඕවාදක’ වන සේක.

499. සෝ භගවා ඉතිපි කතකරණීයෝ:- අමා නිවන් පිණිස කළ යුතු සියල්ල නිම කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතකරණීය’ වන සේක.

500. සෝ භගවා ඉතිපි කතසමණෝ:- සියලු ශ්‍රමණ කෘත්‍යයන් සම්පූර්ණ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛කතසමණ’ වන සේක.

භගවා

සාදු සාදු සාදු!!!

අග්‍රා එවනෙස්කා

බුදු ගුණ අනන්තයි හයවැනි කොටස

  • Tweet
Tagged under: Bhagyawathun Wahanse, Budu Guna, අනන්ත බුදු ගුණ, බුදු ගුණ, භාග්‍යවතුන් වහන්සේ

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

බුදු ගුණ
බුදු ගුණ අනන්ත යි ෴ 01
බුද්ධ ගුණ
බුද්ධ ගුණ ගාථාවලී 01
බුදු ගුණ
වස්සානයේ බුදු ගුණ සුවඳ​

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP