DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Budu Guna
  • බුදු ගුණ අනන්ත යි ෴ 02
January 27, 2021

බුදු ගුණ අනන්ත යි ෴ 02

බුදු ගුණ අනන්ත යි ෴ 02

by Agra Evanesceca / Sunday, 08 November 2009 / Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
භාග්‍යවතුන් වහන්සේ

බුදු ගුණ අනන්තයි 01 කොටස

101. සෝ භගවා ඉතිපි අසේඛෝ:- නිවන් මග තුළ තමන් වහන්සේ ම හික්මී, තව දුරට ත් හික්මිය යුතු නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසේඛ’ වන සේක.

102. සෝ භගවා ඉතිපි අනංගණෝ:- අංගණ නම් වූ ළාමක අකුසල් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනංගණ’ වන සේක.

103. සෝ භගවා ඉතිපි අනපෙක්ඛෝ:- අපේක්ෂා රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපෙක්ඛ’ වන සේක.

104. සෝ භගවා ඉතිපි අනගාරියුපේතෝ:- ගිහි සැප හැර දමා අනගාරික බවට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනගාරියුපේත’ වන සේක.

105. සෝ භගවා ඉතිපි අනන්දි:- කැමැත්ත දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්දි’ වන සේක.

106. සෝ භගවා ඉතිපි අනඝෝ:- හැම දුකින් නිදහස් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඝ’ වන සේක.

107. සෝ භගවා ඉතිපි අනඤ්ඤපෝසී:- අන් කිසිවෙක් පෝෂණය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤපෝසී’ වන සේක.

108. සෝ භගවා ඉතිපි අනන්තදස්සී:- අනන්ත නිවන දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තදස්සී’ වන සේක.

109. සෝ භගවා ඉතිපි අනවජ්ජභෝජී:- මිත්‍යා ආජීවයෙන් තොර වූ නිවැරදි භෝජන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජභෝජී’ වන සේක.

110. සෝ භගවා ඉතිපි අනඤ්ඤනෙය්යෝ:- වෙන කිසිවෙක් විසින් නිවනට නො පැමිණවිය යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤනෙය්ය’ වන සේක.

111. සෝ භගවා ඉතිපි අනත්ථිකෝ:- කිසිදු සංස්කාරයකින් අර්ථයක් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්ථික’ වන සේක.

112. සෝ භගවා ඉතිපි අනස්සාවී:- තෘෂ්ණා රහිත දිවියක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනස්සාවී’ වන සේක.

113. සෝ භගවා ඉතිපි අනවජ්ජෝ:- නිවැරදි දිවි පැවතුම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවජ්ජ’ වන සේක.

114. සෝ භගවා ඉතිපි අනභිජ්ඣාලූ:- දැඩි ලෝභය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිජ්ඣාලූ’ වන සේක.

115. සෝ භගවා ඉතිපි අනභිභූතෝ:- කිසිවෙකුටත් යටපත් කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිභූත’ වන සේක.

116. සෝ භගවා ඉතිපි අනවස්සුතචිත්තෝ:- කෙළෙසුන්ගෙන් තෙත් නො වූ සිතක් දැරූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුතචිත්ත’ වන සේක.

117. සෝ භගවා ඉතිපි අනල්ලිතෝ:- සසරට නො ඇලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනල්ලිත’ වන සේක.

118. සෝ භගවා ඉතිපි අනන්වාහතචේතසෝ:- කෙලෙසුන්ගෙන් නො පෑරුණු සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්වාහතචේතස’ වන සේක.

119. සෝ භගවා ඉතිපි අනන්ධකරණෝ:- අන්ධභාවයට පත් කරණ නීවරණ ධර්මයන් දුරු කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්ධකරණ’ වන සේක.

120. සෝ භගවා ඉතිපි අනඤ්ඤථාභාවී:- වෙනස් නො වන ගුණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනඤ්ඤථාභාවී’ වන සේක.

121. සෝ භගවා ඉතිපි අනන්තපඤ්ඤෝ:- අනන්ත ප්‍රඥා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපඤ්ඤ’ වන සේක.

122. සෝ භගවා ඉතිපි අනන්තඤාණෝ:- අනන්ත ඤාණයන් ගෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තඤාණ’ වන සේක.

123. සෝ භගවා ඉතිපි අනන්තතේජෝ:- අනන්ත තේජසකින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තතේජ’ වන සේක.

124. සෝ භගවා ඉතිපි අනන්තයසෝ:- අනන්ත යසසින් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තයස’ වන සේක.

125. සෝ භගවා ඉතිපි අනන්තජිනෝ:- අන්ත රහිත නිවන දිනා ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තජින’ වන සේක.

126. සෝ භගවා ඉතිපි අනන්තගෝචරෝ:- පමණ කළ නො හැකි නිවන ගෝචර කොට ගෙන වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගෝචර’ වන සේක.

127. සෝ භගවා ඉතිපි අනන්තවණ්ණෝ:- අනන්ත ගුණවර්ණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තවණ්ණ’ වන සේක.

128. සෝ භගවා ඉතිපි අනන්තගුණසාගරෝ:- අනන්ත ගුණ සයුරක් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසාගර’ වන සේක.

129. සෝ භගවා ඉතිපි අනන්තගුණසඤ්චයෝ:- අනන්ත ගුණ පිඬක් බඳු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තගුණසඤ්චය’ වන සේක.

130. සෝ භගවා ඉතිපි අනන්තපටිභානවා:- අනන්ත වැටහීම් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනන්තපටිභානවා’ වන සේක.

භාග්‍යවතුන් වහන්සේ

131. සෝ භගවා ඉතිපි අනධිමුත්තෝ:- අකුසලයන් හි නො යෙදුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිමුත්ත’ වන සේක.

132. සෝ භගවා ඉතිපි අනධිවරෝ:- තමන් වහන්සේට වඩා උසස් කෙනෙකුන් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනධිවර’ වන සේක.

133. සෝ භගවා ඉතිපි අනලසෝ:- අලසබව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනලස’ වන සේක.

134. සෝ භගවා ඉතිපි අනතිමානෝ:- අතිමාන නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනතිමාන’ වන සේක.

135. සෝ භගවා ඉතිපි අනභිනතෝ:- සංස්කාර කෙරෙහි රාගයෙන් නැඹුරු නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනභිනත’ වන සේක.

136. සෝ භගවා ඉතිපි අනපනතෝ:- සංස්කාර කෙරෙහි ද්වේශයෙන් නො ගැටුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනපනත’ වන සේක.

137. සෝ භගවා ඉතිපි අනනුගතන්තරෝ:- කෙළෙසුන්ට අනුව ගිය සිතක් නො පැවැත්වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනනුගතන්තර’ වන සේක.

138. සෝ භගවා ඉතිපි අනත්තුක්කංසිකෝ:- තමන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනත්තුක්කංසික’ වන සේක.

139. සෝ භගවා ඉතිපි අනවස්සුතෝ:- කෙළෙස් නො වැගිරෙන ජීවිතයක් ගතකළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවස්සුත’ වන සේක.

140. සෝ භගවා ඉතිපි අනවක්කන්තදේහවා:- කිසිවෙකු විසිනුදු නො මැඩලිය හැකි සිරි සිරුරු දරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනවක්කන්ත දේහවා’ වන සේක.

141. සෝ භගවා ඉතිපි අනජ්ඣෝසිතෝ:- කෙළෙසුන් තුළ නො ම ගිලුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනජ්ඣෝසිත’ වන සේක.

142. සෝ භගවා ඉතිපි අනායාසෝ:- නො වෙහෙසෙන සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායාස’ වන සේක.

143. සෝ භගවා ඉතිපි අනාසවෝ:- ආශ්‍රව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාසව’ වන සේක.

144. සෝ භගවා ඉතිපි අනානාකථිකෝ:- දහම් කථාවෙන් බැහැර වූ වෙනත් කථා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානාකථික’ වන සේක.

145. සෝ භගවා ඉතිපි අනායූහෝ:- කිසිවක් රැස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනායූහ’ වන සේක.

146. සෝ භගවා ඉතිපි අනාගු:- නො නිසි කිසිවක් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාගූ’ වන සේක.

147. සෝ භගවා ඉතිපි අනානුගිද්ධෝ:- කිසිවකට ගිජු නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනානුගිද්ධ’ වන සේක.

148. සෝ භගවා ඉතිපි අනාවරණදස්සී:- ආවරණ විනිවිද සියලු දේ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවරණදස්සී’ වන සේක.

149. සෝ භගවා ඉතිපි අනාවත්තිධම්මෝ:- පෙරලා කිසි කලෙක සසරට නො එනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවත්තිධම්ම’ වන සේක.

150. සෝ භගවා ඉතිපි අනාවිලසංකප්පෝ:- නොකැළඹුණු සංකල්ප ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාවිලසංකප්ප’ වන සේක.

භාග්‍යවතුන් වහන්සේ

151. සෝ භගවා ඉතිපි අනාරම්භවිමුත්තෝ:- ඇරඹීම් වලින් තොර නිවනෙහි මිදුණු සිත් ඇති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාරම්භවිමුත්ත’ වන සේක.

152. සෝ භගවා ඉතිපි අනාතුරෝ:- කෙළෙසුන්ගෙන් ආතුර නො වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාතුර’ වන සේක.

153. සෝ භගවා ඉතිපි අනාලයප්පත්තෝ:- ආලය ක්ෂය වීම නම් වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලයප්පත්ත’ වන සේක.

154. සෝ භගවා ඉතිපි අනාලයෝ:- ඇල්ම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනාලය’ වන සේක.

155. සෝ භගවා ඉතිපි අනින්දිතෝ:- කරුණු සහිත ව කිසිවෙකුගෙනුත් නින්දා නො ලබන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනින්දිත’ වන සේක.

156. සෝ භගවා ඉතිපි අනිස්සුකී:- ඉරිසියා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සුකී’ වන සේක.

157. සෝ භගවා ඉතිපි අනිදස්සනප්පත්තෝ:- සංස්කාර මගින් නො දැක්විය හැකි වූ නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිදස්සනප්පත්ත’ වන සේක.

158. සෝ භගවා ඉතිපි අනිරාකතජ්ඣානෝ:- නො නැසූ ධ්‍යාන ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිරාකතජ්ඣාන’ වන සේක.

159. සෝ භගවා ඉතිපි අනිකේතවිහාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයේ නො වසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතවිහාරී’ වන සේක.

160. සෝ භගවා ඉතිපි අනිමිත්තවිහාරී:- නිමිති රහිත විහරණයේ වසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිමිත්තවිහාරී’ වන සේක.

161. සෝ භගවා ඉතිපි අනිච්ඡෝ:- කැමැත්ත බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිච්ඡ’ වන සේක.

162. සෝ භගවා ඉතිපි අනිස්සිතෝ:- කිසිදු සංස්කාරයක් ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිස්සිත’ වන සේක.

163. සෝ භගවා ඉතිපි අනිකේතසාරී:- බාහිර ආයතන නම් වූ වාසස්ථානයෙහි නො හැසිරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනිකේතසාරී’ වන සේක.

164. සෝ භගවා ඉතිපි අනීතිහමදස්සී:- තමන් වහන්සේ ගේ ප්‍රත්‍යක්ෂයෙන් ම දහම් දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිහමදස්සී’ වන සේක.

165. සෝ භගවා ඉතිපි අනීතිකප්පත්තෝ:- සියළු උපද්‍රව දුරු වීම නම් වූ නිර්වාණයට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකප්පත්ත’ වන සේක.

166. සෝ භගවා ඉතිපි අනීඝෝ:- අකුසල් නිසා ඇති වන සියලු දුක් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීඝ’ වන සේක.

167. සෝ භගවා ඉතිපි අනීතිකධම්මප්පත්තෝ:- සියලු විපත් දුරු වූ නිවනට පැමිණ වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනීතිකධම්මප්පත්ත’ වන සේක.

168. සෝ භගවා ඉතිපි අනුප්පත්ථසදත්ථෝ:- පිළිවෙලින් තම අර්ථයට පැමිණි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුප්පත්ථසදත්ථ’ වන සේක.

169. සෝ භගවා ඉතිපි අනුධම්මචාරී:- ධර්මයට අනුව ජීවිතය පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුධම්මචාරී’ වන සේක.

170. සෝ භගවා ඉතිපි අනුස්සුකෝ:- සංස්කාර රැස් කිරීම කෙරෙහි උත්සාහ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සුක’ වන සේක.

171. සෝ භගවා ඉතිපි අනුස්සිතෝ:- මානයෙන් හුවා නො දක්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සිත’ වන සේක.

172. සෝ භගවා ඉතිපි අනුපාරම්භචිත්තෝ:- දොස් රහිත සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාරම්භචිත්ත’ වන සේක.

173. සෝ භගවා ඉතිපි අනුත්‍රාසී:- කිසි කලෙක ත්‍රාසයට පත් නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්‍රාසී’ වන සේක.

174. සෝ භගවා ඉතිපි අනුපලිත්තෝ:- ලෝකයෙහි නො තැවරෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපලිත්ත’ වන සේක.

175. සෝ භගවා ඉතිපි අනූපයෝ:- කිසිඳු ක්ලේෂයකට සමීප නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූපය’ වන සේක.

භාග්‍යවතුන් වහන්සේ

176. සෝ භගවා ඉතිපි අනුත්තරෝ:- තමන් වහන්සේට වඩා උතුම් අයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුත්තර’ වන සේක.

177. සෝ භගවා ඉතිපි අනුපායාසෝ:- සිත් තැවුල් නැති ජීවිතයක් ගත කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපායාස’ වන සේක.

178. සෝ භගවා ඉතිපි අනුපාදානෝ:- සියළු උපාදානයන් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපාදාන’ වන සේක.

179. සෝ භගවා ඉතිපි අනුස්සදෝ:- ඇවිස්සී යන කෙලෙස් කිසිවක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සද’ වන සේක.

180. සෝ භගවා ඉතිපි අනුද්ධතෝ:- නො සන්සුන් භාවය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුද්ධත’ වන සේක.

181. සෝ භගවා ඉතිපි අනුන්නළෝ:- මාන නළ රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුන්නළ’ වන සේක.

182. සෝ භගවා ඉතිපි අනුබ්බිග්ගෝ:- තැති ගැනීම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබ්බිග්ග’ වන සේක.

183. සෝ භගවා ඉතිපි අනුස්සංකී:- සැක රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුස්සංකී’ වන සේක.

184. සෝ භගවා ඉතිපි අනුපුබ්බවිහාරී:- පිළිවෙලින් සමවදිනා සමවත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බවිහාරී’ වන සේක.

185. සෝ භගවා ඉතිපි අනුපුබ්බූපසන්තෝ:- පිළිවෙලින් සංසිඳීගිය සිත් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපුබ්බූපසන්ත’ වන සේක.

186. සෝ භගවා ඉතිපි අනුනේතා:- සැක දුරු කරවමින් නිවන් මග තුළ සමාදන් කරවන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනේතා’ වන සේක.

187. සෝ භගවා ඉතිපි අනුපගතෝ:- කෙළෙසුන් කරා නො එළඹුනු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපගත’ වන සේක.

188. සෝ භගවා ඉතිපි අනුපනාහෝ:- බද්ධ වෛර නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපනාහ’ වන සේක.

189. සෝ භගවා ඉතිපි අනුපමෝ:- කිසිවකට උපමා කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපම’ වන සේක.

190. සෝ භගවා ඉතිපි අනුසාසනකුසලෝ:- ධර්මානුශාසනාවට අතිශයින් දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුසාසන කුසල’ වන සේක.

191. සෝ භගවා ඉතිපි අනූනභෝගෝ:- සියළු ලොව්තුරු භෝගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනභෝග’ වන සේක.

192. සෝ භගවා ඉතිපි අනුබුද්ධෝ:- සිව්සස් දහම් මැනවින් අවබෝධ කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුබුද්ධ’ වන සේක.

193. සෝ භගවා ඉතිපි අනුකම්පකෝ:- සියළු සත්වයිනට අනුකම්පා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුකම්පක’ වන සේක.

194. සෝ භගවා ඉතිපි අනුවිදිතෝ:- සිව්සස් දහම් මැනවින් ප්‍රකට කරගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුවිදිත’ වන සේක.

195. සෝ භගවා ඉතිපි අනුච්චාවචසීලෝ:- උස්පහත් නො වූ සිථීර සිල් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුච්චාවච සීල’ වන සේක.

196. සෝ භගවා ඉතිපි අනුනයපටිඝවිප්පහීනෝ:- ඇලීම් ගැටීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුනය පටිඝ විප්පහීන’ වන සේක.

197. සෝ භගවා ඉතිපි අනුරෝධවිරෝධසමතික්කන්තෝ:- (රාග වශයෙන්) අනුකූල වීම්, (ද්වේශ වශයෙන්) විරුද්ධ වීම්, සියලු අයුරින් ඉක්මවා ගිය හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුරෝධ විරෝධ සමතික්කන්ත’ වන සේක.

198. සෝ භගවා ඉතිපි අනූපඝාතෝ:- අන් අයට පීඩා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.

199. සෝ භගවා ඉතිපි අනුපවාදෝ:- කෙලෙස් සහිත ව කිසිවෙකුට ගර්හා නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනුපඝාත’ වන සේක.

200. සෝ භගවා ඉතිපි අනූනංගෝ:- සියලු කායිකාංගයන් ගෙන් සේම කුසලාංගයන් ගෙන් අනූන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අනූනංග’ වන සේක.

භාග්‍යවතුන් වහන්සේ

සාදු සාදු සාදු!!!

අග්‍රා එවනෙස්කා

බුදු ගුණ අනන්තයි තෙවැනි කොටස

  • Tweet
Tagged under: Bhagyawathun Wahanse, Budu Guna, අනන්ත බුදු ගුණ, බුදු ගුණ, භාග්‍යවතුන් වහන්සේ

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

බුදු ගුණ
බුදු ගුණ අනන්ත යි ෴ 01
නමඳිමු ඒ මුනි ගුණ මත්තේ
රත්තරන්
‘රත්තරන්‘ මොන පාට යි ද?

1 Comment to “ බුදු ගුණ අනන්ත යි ෴ 02”

  1. Samindu says :
    September 28, 2015 at 8:07 pm

    Mahathmayanani, mehi 23 ta dakwa thibena, Appitama gunaya warnana kara thibena akaraya niweradi nowe.

    eka niweradiwenna one, nethnam eka budunwahanseta karana apahasayak wenawa, mokada eka nisa “ASAMA” kiyana gunaya saha thawath guna keepayak lop wela yanawa.

    මහණෙනි, දෙවැන්නෙක් නැති හෙයින් අද්විතීය වූ අත් බැවින් හෝ දැනගත් දහමින් හෝ අන්‍ය සමානයකු නැති හෙයින් අසහාය වූ පිළිමයක් නැති හෙයින් අප්පටිම වූ, වදාළ දහම් එසේ නොවේ යයි දැක්වීමට සමතෙක් නැති හෙයින් අප‍්‍රතිභාග වූ, මමත් සර්වඥ වෙමියි ප‍්‍රතිඥා දීමට සමතෙක් නැති හෙයින් අප‍්‍රතිපුද්ගල වූ අන්‍යයන්ට සම නැති හෙයින් අසම වූ, අසම වූ සර්වඥ බුදුවරයන්ට පමණක් සම හෙයින් අසමසම වූ, දෙපා ඇත්තන්ට අග‍්‍ර හෙයින් ද්වීපදාග‍්‍ර වූ, එක් පුද්ගලයෙක් ලෝකයෙහි උපදින්නේ උපදී. එනම් තථාගත වූ අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේයි.

    Bohoma sthuthiy.

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP