DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • Budu Guna
  • බුදු ගුණ අනන්ත යි ෴ 01
January 26, 2021

බුදු ගුණ අනන්ත යි ෴ 01

බුදු ගුණ අනන්ත යි ෴ 01

by Agra Evanesceca / Saturday, 07 November 2009 / Published in Budu Guna, බුදු ගුණ, බුදුගුණ අනන්ත යි.
බුදු ගුණ

බුදු ගුණ අනන්තයි, අප සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ බුදු මුවකින් කල්පයක් පුරා පැවසුව ද නිමා නොවන බව සත්‍යයකි. ඒ අනන්ත අප්‍රමාණ බුදු ගුණ වලින් බිඳක් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු.

01. සෝ භගවා ඉතිපි අකම්පිතෝ :- කිසිවකට ත් කම්පා නො වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකම්පිත’ වන සේක.

02. සෝ භගවා ඉතිපි අකංඛෝ :- සැකයෙන් තොර වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකංඛ’ වන සේක.

03. සෝ භගවා ඉතිපි අකප්පියෝ :- තෘෂ්ණා සංකල්පනාවන් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකප්පිය’ වන සේක.

04. සෝ භගවා ඉතිපි අකතඤ්ඤූ :- කිසිවකින් සකස් නො කළ අකත නම් වූ නිර්වාණය දැන ගත් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකතඤ්ඤූ’ වන සේක.

05. සෝ භගවා ඉතිපි අකථංකථී :- කෙසේ ද, කෙසේ ද, යනුවෙන් ඇතිවෙන විමති නො මැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකථංකථී’ වන සේක.

06. සෝ භගවා ඉතිපි අකන්ටකෝ :- කෙලෙස් කටු දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකන්ටක’ වන සේක.

07. සෝ භගවා ඉතිපි අකාමකාමී :- කාමයන් නො පතන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාමකාමී’ වන සේක.

08. සෝ භගවා ඉතිපි අකාචෝ :- කෙළෙස් පටල නැති හෙයින් ද, නුසුදුසු කර්ම නො කරන හෙයින් ද ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකාච’ වන සේක.

09. සෝ භගවා ඉතිපි අකිරියවාදී :- ළාමක වූ පාපී අකුසල් නො කිරීමට දහම් දෙසනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිරියවාදී’ වන සේක.

10. සෝ භගවා ඉතිපි අකිඤ්චනෝ :- කිඤ්චන නම් වූ රාග, ද්වේශ, මෝහ දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකිඤ්චන’ වන සේක.

11. සෝ භගවා ඉතිපි අකුතෝභයෝ :- කිසි තැනක බියක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුතෝභය’ වන සේක.

12. සෝ භගවා ඉතිපි අකුක්කුචෝ :- කුකුස් නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුක්කුච’ වන සේක.

13. සෝ භගවා ඉතිපි අකුහෝ :- කුහක කම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුහ’ වන සේක.

14. සෝ භගවා ඉතිපි අකුසීතවුත්තී :- කුසීත පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකුසීතවුත්තී’ වන සේක.

15. සෝ භගවා ඉතිපි අකේටුභිනෝ :- කෛරාටික ගති නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකේටුභින’ වන සේක.

බුදු ගුණ

16. සෝ භගවා ඉතිපි අකෝධනෝ:- ක්‍රෝධ නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝධන’ වන සේක.

17. සෝ භගවා ඉතිපි අකෝපෝ:- කෝපය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

18. සෝ භගවා ඉතිපි අක්ඛාතාරෝ:- තුන් ලොවට ම සදහම් පවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛාතාර’ වන සේක.

19. සෝ භගවා ඉතිපි අක්ඛෙය්‍යසම්පන්නෝ:- සදහම් පදයන් ගෙන් යුක්ත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛෙය්‍යසම්පන්න’ වන සේක.

20. සෝ භගවා ඉතිපි අක්ඛණවේදී:- සිව් සස් (චතුරාර්ය සත්‍යයන්) දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛණවේදී’ වන සේක.

21. සෝ භගවා ඉතිපි අක්ඛදස්සෝ:- සදහම් විනිශ්චයෙහි ප්‍රධානී වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අක්ඛදස්ස’ වන සේක.

22. සෝ භගවා ඉතිපි අඛිල:- කෙළෙස් හුල් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අඛිල’ වන සේක.

23. සෝ භගවා ඉතිපි අප්පටිමෝ:- කිසිවෙකු හා සැසඳිය නො හැකි වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිම’ වන සේක.

24. සෝ භගවා ඉතිපි අප්පටිසමෝ:- ප්‍රතිසම පුද්ගලයෙක් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිසම’ වන සේක.

25. සෝ භගවා ඉතිපි අප්පටිභාගෝ:- කිසිවෙකු ගේ කොටස් කරුවෙක් නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිභාග’ වන සේක.

26. සෝ භගවා ඉතිපි අප්පටිපුග්ගලෝ:- ප්‍රති පුද්ගලයෙක් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අකෝප’ වන සේක.

27. සෝ භගවා ඉතිපි අප්පිච්ඡෝ:- කැමැත්ත දුරු කොට අල්පේච්ඡ වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පිච්ඡ’ වන සේක.

28. සෝ භගවා ඉතිපි අප්පතිට්ඨෝ:- සසරෙහි නො පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පතිට්ඨ’ වන සේක.

29. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨෝ:- දෝස රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨ’ වන සේක.

30. සෝ භගවා ඉතිපි අප්පමෙය්යෝ:- පමණ කළ නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමෙය්‍ය’ වන සේක.

බුදු ගුණ

31. සෝ භගවා ඉතිපි අප්පසද්දකාමෝ:- නිහඬබව කැමැති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දකාම’ වන සේක.

32. සෝ භගවා ඉතිපි අප්පදුට්ඨමනසංකප්පෝ:- නිර්දෝෂී සංකල්පනා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පදුට්ඨමනසංකප්ප’ වන සේක.

33. සෝ භගවා ඉතිපි අප්පගබ්භෝ:- නො ගැලපෙන ඇවැතුම්-පැවතුම් නැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පගබ්භ’ වන සේක.

34. සෝ භගවා ඉතිපි අප්පකිච්චෝ:- අල්ප ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පකිච්ච’ වන සේක.

35. සෝ භගවා ඉතිපි අප්පමිද්ධෝ:- නිදි දුරු කිරීම සිදු කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමිද්ධ’ වන සේක.

36. සෝ භගවා ඉතිපි අප්පට්ඨෝ:- අල්ප කටයුතු ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පට්ඨ’ වන සේක.

37. සෝ භගවා ඉතිපි අප්පමාදරතෝ:- නො පමා බව කැමති වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාදරත’ වන සේක.

38. සෝ භගවා ඉතිපි අප්පමජ්ජතෝ:- කෙලෙස් මත් බව දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමජ්ජත’ වන සේක.

39. සෝ භගවා ඉතිපි අප්පටිච්ඡන්නකම්මන්තෝ:- නො සැඟවුණු ක්‍රියා ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිච්ඡන්නකම්මන්ත’ වන සේක.

40. සෝ භගවා ඉතිපි අප්පමාණවිහාරී:- පමණ කළ නො හැකි විහරණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමාණවිහාරී’ වන සේක.

41. සෝ භගවා ඉතිපි අප්පසද්දස්සවණ්ණවාදී:- නිහඬබව වර්ණනා කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පසද්දස්සවණ්ණවාදී’ වන සේක.

42. සෝ භගවා ඉතිපි අප්පමත්තෝ:- ප්‍රමාදී නොවනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පමත්ත’ වන සේක.

43. සෝ භගවා ඉතිපි අප්පාහාරෝ:- කුසට සෑහෙන අහරින් යැපෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පාහාර’ වන සේක.

44. සෝ භගවා ඉතිපි අප්පටිකුජ්ඣතෝ:- කිසි විටෙක ත් පෙරළා නො කිපෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිකුජ්ඣත’ වන සේක.

45. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

බුදු ගුණ

46. සෝ භගවා ඉතිපි අප්පටිබද්ධචිත්තෝ:- කිසිවකට නො බැඳුනු සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිබද්ධචිත්ත’ වන සේක.

47. සෝ භගවා ඉතිපි අප්පහීනෝ:- දුරු නො වන ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පහීන’ වන සේක.

48. සෝ භගවා ඉතිපි අපණ්ණකෝ:- අවිරුද්ධ පිළිවෙතෙහි පිහිටි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපණ්ණක’ වන සේක.

49. සෝ භගවා ඉතිපි අපගබ්භෝ:- නැවත මව් කුසක නො නිඳන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපගබ්භ’ වන සේක.

50. සෝ භගවා ඉතිපි අපරිඩය්හමානෝ:- කෙළෙස් ගින්නෙන් නො දැවෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිඩය්හමාන’ වන සේක.

51. සෝ භගවා ඉතිපි අපචයෝ:- සංසාරය නො වඩන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචය’ වන සේක.

52. සෝ භගවා ඉතිපි අපරිහානධම්මෝ:- කිසි දිනෙක නො පිරිහෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිහානධම්ම’ වන සේක.

53. සෝ භගවා ඉතිපි අපචයගාමී:- සසර නො වැඩෙන මගෙහි වඩිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචයගාමී’ වන සේක.

54. සෝ භගවා ඉතිපි අපරාජිතෝ:- මරුට නො පැරදුණු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරාජිත’ වන සේක.

55. සෝ භගවා ඉතිපි අපචිතෝ:- තිලොවෙන් ම පිදුම් ලද හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපචිත’ වන සේක.

56. සෝ භගවා ඉතිපි අපරිමිතදස්සී:- අපරිමිත දෑ දකිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිමිතදස්සී’ වන සේක.

57. සෝ භගවා ඉතිපි අපරිත්තෝ:- අල්ප නො වූ ගුණ ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපරිත්ත’ වන සේක.

58. සෝ භගවා ඉතිපි අප්පටිඝෝ:- ගැටීම දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අප්පටිඝ’ වන සේක.

59. සෝ භගවා ඉතිපි අපළාසී:- අන් අයගේ ගුණ නො ගරහන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළාසී’ වන සේක.

බුදු ගුණ

60. සෝ භගවා ඉතිපි අපළායි:- කිසි දිනෙක මර යුධයෙන් පලා නොයනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපළායි’ වන සේක.

61. සෝ භගවා ඉතිපි අපායකුසලෝ:- කුසල් පිරිහෙන ආකාරයන් දැන ගැනීමේ දක්ෂ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපායකුසල’ වන සේක.

62. සෝ භගවා ඉතිපි අපිහාලූ:- කිසිවකට ත් ප්‍රිය නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපිහාලූ’ වන සේක.

63. සෝ භගවා ඉතිපි අපුරෙක්ඛරානෝ:- සසර පෙරටුකොට ගෙන නො සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපුරෙක්ඛරාන’ වන සේක.

64. සෝ භගවා ඉතිපි අපේතකද්දමෝ:- කාම මඩ බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතකද්දම’ වන සේක.

65. සෝ භගවා ඉතිපි අපේතසෝකෝ:- ශෝකය බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතසෝක’ වන සේක.

66. සෝ භගවා ඉතිපි අපේතභයභේරවෝ:- බිය තැති ගැනීම් බැහැර කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අපේතභයභේරව’ වන සේක.

67. සෝ භගවා ඉතිපි අසමෝ:- සමාන යැ යි දැක්වීමට වෙනත් කිසිවෙකු නැති හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම’ වන සේක.

68. සෝ භගවා ඉතිපි අසමසමෝ:- බුදු රජාණන් වහන්සේලාට ම පමණක් සමාන වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමසම’ වන සේක.

69. සෝ භගවා ඉතිපි අසංසට්ඨෝ:- පිරිසෙහි නොම ඇලෙනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසට්ඨ’ වන සේක.

70. සෝ භගවා ඉතිපි අසංගචිත්තෝ:- කෙලෙස් දුරු වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගචිත්ත’ වන සේක.

71. සෝ භගවා ඉතිපි අස්සත්ථෝ:- නිවනෙහි සැනසෙන හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සත්ථ’ වන සේක.

72. සෝ භගවා ඉතිපි අසහායෝ:- එකලා ව නිවනට පත් වී වදාළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසහාය’ වන සේක.

73. සෝ භගවා ඉතිපි අසම්මූළ්හෝ:- කිසි දිනෙක මුලා නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හ’ වන සේක.

74. සෝ භගවා ඉතිපි අසංසග්ගරාමෝ:- පිරිසෙහි නො ඇලීම නිවහන කොට වසනා හෙයින් හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසග්ගරාම’ වන සේක.

බුදු ගුණ

75. සෝ භගවා ඉතිපි අසංකිලිට්ඨචිත්තෝ:- නො කිලිටි සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංකිලිට්ඨචිත්ත’ වන සේක.

76. සෝ භගවා ඉතිපි අසත්තෝ:- කිසිවකට නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසත්ත’ වන සේක.

77. සෝ භගවා ඉතිපි අසමධුරෝ:- අසමාන වීර්යය ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමධුර’ වන සේක.

78. සෝ භගවා ඉතිපි අසන්තාසී:- කිසි දිනෙක ත්‍රාසයට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තාසී’ වන සේක.

79. සෝ භගවා ඉතිපි අසඨෝ:- කපටිකම් නැති ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඨ’ වන සේක.

80. සෝ භගවා ඉතිපි අසදිසෝ:- සමාන කෙනෙකුන් නොමැති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසදිස’ වන සේක.

81. සෝ භගවා ඉතිපි අසංඛෝභෝ:- කිසි විටෙක කැළඹිය නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංඛෝභ’ වන සේක.

82. සෝ භගවා ඉතිපි අසංඛතප්පත්තෝ:- අසංඛත නිවනට පත් වූ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසඛතප්පත්ත’ වන සේක.

83. සෝ භගවා ඉතිපි අසම්මෝහධම්මෝ:- මුළා නො වන ස්වභාවයෙන් යුතු හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහධම්ම’ වන සේක.

84. සෝ භගවා ඉතිපි අසම්මෝහාධිමුත්තෝ:- මෝහය ක්ෂය කිරීම නම් වූ නිවන ප්‍රත්‍යක්ෂ කොට සිටිනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මෝහාධිමුත්ත’ වන සේක.

85. සෝ භගවා ඉතිපි අසජ්ජමානෝ:- කිසිවිටෙක නො ගැටෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසජ්ජමාන’ වන සේක.

86. සෝ භගවා ඉතිපි අසම්භීතෝ:- කිසිවකින් භීතියට පත් නො වනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්භීත’ වන සේක.

87. සෝ භගවා ඉතිපි අසන්තසන්තෝ:- කිසිකලෙක තැති නො ගන්නා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසන්තසන්ත’ වන සේක.

88. සෝ භගවා ඉතිපි අසංසයෝ:- සංකා රහිත හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංසය’ වන සේක.

89. සෝ භගවා ඉතිපි අසාරම්භෝ:- එකටෙක කිරීම් දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරම්භ’ වන සේක.

90. සෝ භගවා ඉතිපි අසංහාරියෝ:- කෙළෙසුන් විසින් පැහැරගත නො හැකි හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංහාරිය’ වන සේක.

බුදු ගුණ

91. සෝ භගවා ඉතිපි අසාරත්තෝ:- කිසිඳු අයුරකින් නො ඇලෙන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසාරත්ත’ වන සේක.

92. සෝ භගවා ඉතිපි අසමයවිමුත්තෝ:- සැමකල්හි ම විමුක්ත වූ සිතක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසමයවිමුත්ත’ වන සේක.

93. සෝ භගවා ඉතිපි අසිතෝ:- ලෝකය ඇසුරු නො කරන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිත’ වන සේක.

94. සෝ භගවා ඉතිපි අසිප්පජීවී:- ශිල්පයකින් ජීවිතය නො පවත්වන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසිප්පජීවී’ වන සේක.

95. සෝ භගවා ඉතිපි අස්සාසකෝ:- මුළු තුන් ලොවට ම සැනසුම සදනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සාසක’ වන සේක.

96. සෝ භගවා ඉතිපි අසම්මූළ්හවිහාරී:- මෝහය දුරු වූ නිවනෙහි වාසය කරනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසම්මූළ්හවිහාරී’ වන සේක.

97. සෝ භගවා ඉතිපි අසෝකෝ:- ශෝකය දුරු කළ හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසෝක’ වන සේක.

98. සෝ භගවා ඉතිපි අස්සද්ධෝ:- ලොව්තුරු දහම් තමන් වහන්සේ ම දැනගෙන අන් අයෙකු කෙරෙහි ශ්‍රද්ධාවට නො යනා හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අස්සද්ධ’ වන සේක.

99. සෝ භගවා ඉතිපි අසය්හසාහී:- නො ඉවසිය හැකි දේ ඉවසන හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසය්හසාහී’ වන සේක.

100. සෝ භගවා ඉතිපි අසංගමානසෝ:- කිසි තැනක නො ඇලෙන මනසක් ඇති හෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේ ‛අසංගමානස’ වන සේක.

බුදු ගුණ

සාදු සාදු සාදු!!!

අග්‍රා එවනෙස්කා

බුදු ගුණ අනන්තයි දෙවැනි කොටස

  • Tweet
Tagged under: Bhagyawathun Wahanse, Budu Guna, අනන්ත බුදු ගුණ, බුදු ගුණ, භාග්‍යවතුන් වහන්සේ

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

බුදු ගුණ අනන්ත යි ෴ 04
නිවන
බුදු ගුණ අනන්ත යි ෴ 06
භාග්‍යවතුන් වහන්සේ
බුදු ගුණ අනන්ත යි ෴ 02

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP