DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • දැහැමි සිතුවිළි
  • අසාධුං සාධුනා ජිනේ
January 18, 2021

අසාධුං සාධුනා ජිනේ

අසාධුං සාධුනා ජිනේ

by Agra Evanesceca / Wednesday, 09 June 2010 / Published in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි
බ්‍රහ්මජාල

දයාබර යාලුවනේ,

පුංචි කාරණයක් මතක් කරල දෙන්න ඕන කියල හිතුන,

දීඝ නිකාය පොත් වහන්සේ ගේ තිබෙන බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව, සමහර විට හැමෝ ම වගේ කියවල ඇති. ඒ සූත්‍ර දේශනාවේ තිබෙනවා අපූරු කථාවක්.

ඒ දවස්වල අප ගේ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ පන්සීයක් පමණ වුන භික්ෂූන් වහන්සේලාත් සමග රජගහ නුවරත් නාලන්දා නුවර අතර දීර්ඝ මාර්ගයේ වැ‍ඩම කරමින් සිටියා. ඒ මාර්ගයේ ම යි සුප්පිය කියන පරිබ්‍රාජකයා ත් ඔහු ගේ ගෝලයා වුන බ්‍රහ්මදත්ත කියන මානවකයාත්, භාග්‍යවතුන් වහන්සේටත් භික්ෂුසංඝයාට ත් පිටුපසින් පැමිණෙමින් සිටි‍යේ. සුප්පිය පරිබ්‍රාජකයා භාග්‍යවත් බුදු රජාණන් වහන්සේට ත් ශ්‍රී සද්ධර්මයට ත් ආර්ය මහා සංඝරත්නයටත් නොයෙක් අයුරින් ගර්හා කරමින්, නින්දා අපහාස කරමින් තමයි පිටුපසින් පැමිණියේ. ඔහු ගේ ගෝලයා තුණුරුවනට නොයෙක් අයුරින් ප්‍රශංසා කරමින් පැමිණියා. එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් අදහස් ඇති මේ ගුරු ගෝල දෙදෙනා ගැන ස්වාමීන් වහන්සේලා පසු අවස්ථාවක සාකච්ඡා කරමින් සිටියා. ඒ අවස්ථාවේ එතැනට වැඩම කළ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාට හරි ම සුන්දර දහම් අවවාදයක් කළා.

“මහණෙනි, අන් අය මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියනවා නම්, ඒ කරුණ මුල් කර ගෙන ඔබ කෝපයක්, නො සතුටක්, සිතේ අමණාපයක් උපදවා නො ගත යුතු යි. අන් අය මා හට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගන විට ඔබ කෝප වෙනවා නම්, නො සතුටක් ඇති කරගන්නවා නම්, සිතේ අමණාපයක් උපදවා ගන්නවා නම් එයින් ඔබලාට ම යි හානි වෙන්නේ. මහණෙනි අන් අය මා හට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් නගන විට ඔබ කෝප වෙනවා නම්, නො සතුටක් ඇති කරගන්නවා නම්, සිතේ අමණාපයක් උපදවා ගන්නවා නම්, අන් අය ප්‍රකාශ කළ ඒ දේ සුභාෂිතයක් ද දුර්භාෂිතයක් ද කියා (සත්‍ය අසත්‍ය භාවය) දැනගන්නට ඔබලාට හැකි වෙනවා ද..?

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, එය ‍දැන ගන්නට නො හැක්කේ ම ය” කියා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළා.

” මහණෙනි, අන් අය මට හෝ ධර්මයට හෝ සංඝයාට හෝ දොස් කියනවා නම්, ‘එය මේ කාරණයෙනුත් අභූත දෙයක්, එය මේ කාරණයෙනුත් අසත්‍ය දෙයක්, මේ කියන දෝෂය අප තුළ නැහැ, මේ දෝෂය අප තුළ දකින්නට ලැබෙන්නේ නැහැ’ කියා, ඒ දොස් රහිත දේ දොස් රහිත දෙයක් හැටියට ම නිරවුල් කරගත යුතු යි. (ලිහා ඉවත් කළ යුතු යි.)”

දයාබර යාලුවනේ, මම මේ උපුටලා දැක්වූවේ බුදු පියාණන් වහන්සේ ලබා දීපු දහම් අවවාදයෙන් ඉතාම පුංචි කොටසක් විතර යි. ඒ උතුම් දහම් අවවාදය, දීඝ නිකාය පළවෙනි පොත් වහන්සේ ගෙ බ්‍රහ්මජාල සූත්‍රයෙන් කියවන්න කියල ආරාධනා කරනවා. ඉතින් මේ දහම් අවවාදය මතක් කරල දෙන්න ඕනි කියල හිතුනේ පුංචි කාරණාවක් නිසයි.

——————————

මේ තරම් ම සංසිදීමට උපකාරී වෙන, සැනසිල්ල උපදවා දෙන්නට උපකාරීවන ධර්මයක් ත්‍රිපිටක පොත් වහන්සේලා තුළ තිබෙනවා කියල මට නම් දැන ගන්ට ලැබුණේ, පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ නිසා. ” ‘තමන් වහන්සේට නින්දා අපහාස කරන අයට පවා මෙත් වඩන්න’ කියල ශ්‍රාවකයින් ව හික්මවපු, ශාස්තෘන් වහන්සේ නමක්ව නේ ද අපි සරණ ගියේ” කියල, ධර්මය තුළින් ම හදුනාගන්න අවස්ථාව උදාකරල දුන්නෙත් ඒ පින්වතුන් වහන්සේ ම තමයි. ඒ වෙනුවෙන් කිසි දවසක ‍කෙළෙහිගුණ සළකලා ඉවර කරන්න බැහැ කියල මම දන්නවා.

කෙසේ නමුත්, නින්දා ප්‍රශංසා ආදී අටලෝ දහමට වරින් වර ලෝක සත්වයාට මුහුණ දෙන්ට වෙනවා. ඒක ලෝක ධර්මතාවයක්. ඉතින් සෝමාවතිය පින්කමෙන් පස්සෙ, වෙබ් සයිට් කිහිපයක ම, පටු හිතකින් හිතල (පටු හිතකින් කියල කිව්වෙ, ගුණ වශයෙන් මහත් භාවයට පත් වුන හිතකින් ඒ වගේ ලිපි කිසි දවසක ලියන්ට බැරි නිස යි..) පූජනීය ස්වාමීන් වහන්සේට එක එක දේවල් කියපු ලිපි පළකරල තියෙනවා මම දැක්ක. ඒ වගේ දේවල් දැක්ක ම උන්වහන්සේ ගෙන් බණ පදයක් හරි අහපු බෝහෝ දෙනෙකුට, ඒ ලිපි ලියපු අය ගැන සමහර විට පුංචි ම හරි නො සතුටක්, අමණාපයක් ඇති වෙන්ට ඇති. සමහර අය ඒ අමණාපය, නො සතුට මුල් කරගෙන කමෙන්ට්ස් එහෙමත් දාන්න ඇති.

කෙසේ නමුත් දයාබර යාලුවනේ, අපි එතන දීත් කරන්ට ඕනෙ, බුදු පියාණන් වහන්සේ, ස්වාමීන් වහන්සේලාට ලබා දීපු අර අවවාදය මතක් කර ගන්න එක ම යි. එහෙම නේ ද..? පටු හිත් වලින්, අකුසල් පිරුණු හිත් වලින් එක එක දේවල් ලියපු අය ගැන අපි අනුකම්පාව ම උපදවා ගනිමු. මෛත්‍රිය ම පතුරවමු. මොකද දන්නව ද, එහෙම කරන්න කියල නේ ද බුදු රජාණන් වහන්සේ ගේ ධර්මය තුළින් ලොකු ස්වාමීන් වහන්සේ අපිට කියල දුන්නෙ. ඉතින් අපි ඒ කියා දීපු විදියට ම කටයුතු කළොත්, යම් තරමකින් හරි උන් වහන්සේට කළගුණ සැලකුවා වේවි. ඒ නිසා එක එක කථා කියන අය ගැන පුංචි ම වත් තරහ සිතක් ඇති කර ගන්ට එපා. තරහ අරගෙන වචන ප්‍රකාශ කරන්ට යන්ටත් එපා.

යහපත් දේට වගේ ම යහපත් දෙවල් කරන අය ගැන ත් හිත පහදවා ගන්ට බැරි අය, එදත් ලෝකෙ හිටිය. අද ත් ලෝකෙ ඉන්නවා. හෙට ත් ලෝකෙ ඉදීවි. ඒක සාමාන්‍ය දෙයක්. බොහොම සුලභ දෙයක්. හැබැයි ඒ වගේ මිනිස්සුන් ගෙන් පිරුණු ලො‍්කෙක, එහෙම අයට ත් අනුකම්පා කරන්න කියල කියා දෙන ධර්මය දුර්ලභ යි. ඒ ධර්මය කියා දෙන පින්වත් ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ‍වගේ කළ්‍යාණ මිත්‍ර උතුමන් දුර්ලභ යි. හරි ම දුර්ලභ යි. ඒ දුර්ලභ කරුණු දෙක ම මුණ ගැසුණු අවස්ථාවේ, එයින් උපරිම ප්‍රයෝජන ලබා ගන්ට නම්, ඒ උතුම් ධර්මයේ කියා දීල තිබෙන විදියට ම අපි කටයුතු කරන්ට ඕන.

එහෙම නූනොත් මේ ධර්මය අපිට ත් අහිමි වෙලා යාවි. එම නිසා දයාබර යාලු‍වනේ, අපිට මුහුණ දෙන්ට වෙන හැම සිදුවීමක දී ම අපි ඒ සුදෝ සුදු චිත්ත සන්තානයක් දරා වැඩ සිටි, අප ගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේ ව ම සිහි කරමු. අපමණ සැනසුම ලබා දෙන ඒ මිහිරි ධර්මය ම සිහි කරමු. ඒ දහම කියා දෙන කළණ මිතුරු ගුණ ම සිහි කරමු. එය අපිට හැමදා ම යහපත පිණිස පවතීවි.

සදා සැනසිල්ල‍ වේවා..!
තෙරුවන් සරණ යි…!

අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං දානේන
සච්චේන අලිකවාදිනං

ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි.
අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි.
මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි.
බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි.
—– ධම්ම පදය —–

සිල් රකිනා සග රුවන රැකේවා..
පිල් බෙදනා මිසදිටු දුරු වේවා..
කල් නො යවා බුදු සසුන රැකේවා..
ගෞතම සසුනේ පිහිට ලැබේවා..

  • Tweet
Tagged under: brahmajala sutraya, brahmajala sutta, sadaham, බ්‍රහ්මජාල, බ්‍රහ්මජාල සූත්‍රය, සදහම්

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

සැනසිල්ල
අල්ලන විට ඈත්ව​න – අත්හරින විට ළංව​න – සැනසිල්ල
මව් පිය උපස්ථානය
සැබෑ මව් පිය උපස්ථානය
ජීවිත අභියෝගය
පෘතග්ජන මිනිසුන්ගේ ජීවිත අභියෝගය

Featured Posts

  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

    0 comments
  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP