
අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බොජ්ඣංග ධර්මයන් ඇතුළත් බොජ්ඣංග පිරිත් කිහිපයක් ම පිරිත් පොත් වහන්සේ තුළ ඇතුළත් වේ. මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ සහ මහා කස්සප මහරහතන් වහන්සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවලදී භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග ධර්මයන් ඇතුළත් කොට දේශනා කරන ලද මහා මොග්ගල්ලානත්ථේර බොජ්ඣංග පිරිත ත්, මහා කස්සපත්ථේර බොජ්ඣංග පිරිත ත් එසේ ම භාග්‍යවතුන් වහන්සේ ගිලන්ව වැඩ සිටි අවස්ථාවක දී මහා චුන්ද මහරහතන් වහන්සේ විසින් බොජ්ඣංග ධර්මයන් සහිතව දේශනා කළ මහාචුන්දත්ථේර බොජ්ඣංග පිරිත ත් මූලික ම බොජ්ඣංග පිරිත් ය.
එම බොජ්ඣංග පිරිත් ධර්මයන් ශ්‍රවණය කිරීමෙන් භාග්‍යවතුන් වහන්සේ ගේත් මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ සහ මහා කස්සප මහරහතන් වහන්සේගේත් එම ආබාධ මුලුමණින් ම සුව වූ අතර, එදා මෙදා තුර කාලයෙහි දී බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවකයින් රෝගී වූ අවස්ථාවල දී සුවය ලබා ගැනීම උදෙසා එම බොජ්ඣංග පිරිත් මහත් ගෞරවයෙන් භාවිතා කරනු ලැබේ.
මෙහි දක්වා ඇති බොජ්ඣංග පිරිත මුලින් සදහන් කළ බොජ්ඣංග පිරිත් තුනෙහි ආනුභාවය ද සදහන් කරමින් බොජ්ඣංගයන්ගේ සත්‍යානුභාවයෙන් සෙත්වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරමින් සජ්ඣායනා කරනු ලබන පිරිතකි. මෙම පිරිත නිතර භාවිතා කිරීම මගින් මහත් ඵල ප්‍රයෝජන ලබා ගත හැකි ය. විශේෂයෙන් ම රෝගී අවස්ථාවන් වල දී පැන් භාජනයක් පිළියෙල කොට මෙම පිරිතෙන් එකසිය අට වාරයක් පිරිත් කොට රෝගියාට පානය කරන්නට සැළැස්වීමෙන් මහත් සුවයක් සළසා ගත හැකි ය. තවද මෙම උතුම් පිරිත් ධර්මය තෙරුවන් වන්දනාවට අනතුරව සජ්ඣායානවට ද ඉතා සුදුසු ය.
මහා ආනුභාව සම්පන්න මේ උතුම් පිරිත් ධර්මය ඔබ ද කටපාඩම් කරගෙන නිතර භාවිතයට ගන්න.
සංසාරේ සංසරන්තානං – සබ්බදුක්ඛ විනාසකේ
සත්ත ධම්මේච බොජ්ඣංගේ – මාරසේනප්පමද්දිනෝ
බුජ්ඣිත්වා යේ’පි මේ සත්තා – තිභවා මුත්තාහි උත්තමා
අජාතිං අජරබ්‍යාධිං – අමතං නිබ්භයං ගතා
ඒවමාදි ගුණෝපේතං – අනේක ගුණසංගහං
ඕසධං’ව ඉමං මන්තං – බොජ්ඣංගං තම්භණාමහේ
බොජ්ඣංගෝ සති සංඛාතෝ – ධම්මානං විචයෝ තථා
විරියං පීති පස්සද්ධි – බොජ්ඣංගා ච තථෝ පරේ
සමාධු’පෙක්ඛා බොජ්ඣංගා – සත්තේ’තේ සබ්බදස්සිනා
මුනිනා සම්මදක්ඛාතා – භාවිතා බහුලීකතා
සංවත්තන්ති අභිඤ්ඤාය – නිබ්බානාය ච බෝධියා
ඒතේන සච්චවජ්ජේන – සොත්ථි තේ* හෝතු සබ්බදා
ඒකස්මිං සමයේ නාථෝ – මොග්ගල්ලානඤ්ච කස්සපං
ගිලානේ දුක්ඛිතේ දිස්වා – බොජ්ඣංගේ සත්ත දේසයි
තේ ච තං අභිනන්දිත්වා – රෝගා මුච්චිංසු තං ඛණේ
ඒතේන සච්චවජ්ජේන – සොත්ථි තේ* හෝතු සබ්බදා
ඒකදා ධම්මරාජා’පි – ගේලඤ්ඤානා’භිපීළිතෝ
චුන්දත්ථේරේන තං යේව – භණාපෙත්වාන සාදරං
සම්මෝදිත්වා ච ආබාධා – තම්හා උට්ඨාසි ඨානසෝ
ඒතේන සච්චවජ්ජේන – සොත්ථි තේ* හෝතු සබ්බදා
පහීණා තේ ච ආබාධා – තිණ්ණන්නම්පි මහේසිනං
මග්ගාහත කිලේසා’ච – පත්තා’නුප්පත්ති ධම්මතං
ඒතේන සච්චවජ්ජේන – සොත්ථි තේ* හෝතු සබ්බදා
තමාහට කියන විට තේ* වෙනුවට මේ* යොදා කියන්න. මෙම මහානුභාව සම්පන්න උතුම් පිරිත සියලු දොස් නිවාරණයට උපකාර වේ!
තෙරුවන් වන්දනා ගාථා