
අපගේ ශාස්තෘ වූ අනන්ත අප්‍රමාණ ගුණයන්ගෙන් ශෝභමාන වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධපූජා පැවැත්වීමට යොදා ගන්නා උතුම් බුද්ධ පූජා ගාථා ධර්මයන් මෙසේ ඔබ වෙත ගෙන එන්නෙමු. විශේෂයෙන් ම සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑව ද, ජීවමාන බුදු රජාණන් වහන්සේට සිදු කරන පූජාවක් සේ සළකා මහත් ශ්‍රද්ධාවෙන් පුද පූජා පැවැත්වීමෙන් ජීවමාන බුදු රජාණන් වහන්සේට පුද පූජා සිදු කිරීමෙන් ලැබෙන ආනිශංස ම ලබා ගත හැකි ය.
මේ නිසා ඉතා පිරිසිදුවට පිළිවෙලට සකස් කරගත් බුද්ධ පූජා වන් හද පිරි ශ්‍රද්ධාවෙන් යුතුව බුදු ගුණ සිහි කරමින් පූජා කරගැනීමෙන් මහත් ඵල මහානිශංස සළසා ගත හැකි වේ. සැදැහැවත් බෞද්ධයන් වශයෙන් දිනපතා ම අඩුම වශයෙන් පැන් ස්වල්පයක් හෝ එක් මලක් හෝ සම්බුදු රජාණන් වහන්සේ උදෙසා සැදැහැයෙන් පූජා කරගැනීමට අධිටන් කරගත යුතු වේ.
සම්බුද්ධ ශාසනය ද මනුෂ්‍ය ජීවිතය ද එකිනෙකට මුණ ගැසෙන්නේ ඉතා කළාතුරකින් නිසා මේ ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගන්නට අප සැම කල්පනා කළ යුතු වේ. ආමිස ප්‍රතිපත්ති වශයෙන් බුද්ධ පූජා වේ යෙදෙන ඔබට මේ බුද්ධ පූජා ගාථාවන් උපකාරක ධර්මයක් බවට ම පත් වේවා!
බුද්ධ පූජා ව පූජා කරගැනිමට ප්‍රථම පහත ලින්ක් එකෙහි ඇති තෙරුවන් වන්දනා ගාථාවන් යොදා ගනිමින් තෙරුවන් වන්දනාව සිදු කරන්න.
තෙරුවන් වන්දනා ගථාපහන් පූජා කිරීම
ඝණසාරප්ප දිත්තේන – දීපෙන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං – පූජයාමී තමෝනුදං
ඝන වූ දෙයහි සාරයෙන් ලත් තෙලින් සහ කපුරු වලින් සකස් කරගන්නා ලද මේ පහන් දැල්ලෙන්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!
සද්ධාය සම්පදිත්තේන – දීපේන තමධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං – පූජයාමි තමෝනුදං
සැදැහැයෙන් සකස්කරගන්නා ලද අඳුර දුරලන මේ පහනින්, සංසාරයේ අඳුර දුරු කළ තුන්ලොවට පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි!
සුවඳ දුම් පූජා කිරීම
සුගන්ධිකාය වදනං – අනන්ත ගුණ ගන්ධිනා
සුගන්ධිනා හං ගන්ධේන – පූජයාමී තථාගතං
ගන්ධසම්භාර යුත්තේන – ධූපේනාහං සුගන්ධිනා
පූජයේ පූජනීයන්තං – පූජා භාජනමුත්තමං
සුවඳවත් වූ ශරීරයෙන් හා වචනයෙන් යුත්ත වූ අනන්ත ගුණ සුවඳ ඇති බුදුරජාණන් වහන්සේට මම මේ සුවඳ පූජා කරමි!
සුවඳ මල් පූජා කිරීිම
වණ්ණ ගන්ධ ගුණෝපේතං – ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස – සිරීපාද සරෝරුහෙ
මනා වර්ණයෙන් හා සුගන්ධයෙන් යුත් මේ මල් සමූහය මුනීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයෙහි පූජා කරමි.
පූජේමි බුද්ධං කුසුමේනනේන – පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං
පුප්ඵං මිලායාති යථා ඉදම්මේ – කායෝ තථා යාති විනාසභාවං
මම මේ මල්වලින් බුදුරජාණන් වහන්සේ පුදන්නෙමි. මේ පින හේතුවෙන් මට නිවන ලබන්නෙමි. මේ මල් යම් සේ පරවන්නේද මාගේ ශරීරයද එසේ විනාශ වන්නේය.
ධජ පූජා කිරීම
බුද්ධාදිච්චං මහා වීරං – ධම්මරාජ මහා මුනිං
ධජ ධජාය පුජේමි – මහේසිං කරුණාධරං
සූර්යවංශයෙහි උපන් මහා වීර වූ ධර්ම රාජ වූ මහා මුනි වූ මහර්ෂි වූ කරුණාධර වූ බුදු රජාණන් වහන්සේ ධජයන්ගෙන් පුදමි.
ඝණ්ඨාර පූජා කිරීම
ඝණ්ඨාරවානුකාරේන – සරේන මධුරේනච
යං ධම්මං දේසයී සත්ථා – තස්ස ඝංඨාර පූජයේ
මිහිරි ස්වර ඇති ඝණ්ඨාර ශබ්දාකාරයෙන් බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද ඒ බුදු රජාණන් වහන්සේට ඝණ්ඨාර පූජා කරමි.
දැහැටි සහ මුව දෝවන පැන් පූජාව
අධිවාසෙතු නො භන්තෙ – දන්ත කට්ඨෝදකං පරිකප්පිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තම
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් පිළියෙල කරන ලද දැහැටි ද මුව දෝවන පැන් ද ඉවසා වදාරණ සේක්වා. උත්තමයන් වහන්ස අප කෙරෙහි අනුකම්පාව උපදවා පිළිගන්නා සේක්වා!
සිසිල් පැන් පූජාව
අනන්ත ඤාණෝ විමලෝ – දක්ඛිණෙය්‍යෝ ගුණාකරෝ,
පතිගණ්හාතු භගවා – දක්ඛිණෝදක මුත්තමං
අනන්ත ඤාණ ඇති, කෙලෙස් මල රහිත වූ, දක්ඛිණෙය්‍ය වූ, ගුණ ආකාරයක් වූ, භාග්‍යවතුන් වහන්ස, මේ පැන් පිළිගන්නා සේක්වා උතුමන් වහන්ස!
සුගන්ධං සීතලං කප්පං – පසන්න මධුරං සුභං
පානීය මේතං භගවා – පතිගණ්හාතු මුත්තම
උත්තමයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්‍රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!
අධිවාසේතු නෝ භන්තේ – පානීයං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු උත්තම
ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් පිළිගන්වන ලද පැන් ඉවසා වදාරන සේක්වා! උත්තමයන් වහන්ස, අනුකම්පා උපදවා පිළිගන්නා සේක්වා!
ආහාරපාන පිළිගැනීම උදෙසා බුදු රජාණන් වහන්සේට ආරාධනා කිරීම
නිවේදයාමි සම්බුද්ධං – වීතරාගං මහා මුනිං
නිමන්තයාමී සුගතං – ලෝකජෙට්ඨං නරාසභං
වීතරාගී වූ මහා මුනි වූ සම්බුදුරජාණන් වහන්සේට දන්වා සිටිමි. ලෝකනායක වු මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ සුගතයන් වහන්සේට ආරාධනා කරමි!
යාවතා භගවා ලෝකේ – තිට්ඨෙය්‍ය තව සාසනං
තාවතා පතිගණ්හාතු – පූජා ලෝකානුකම්පයා
භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ සාසනය ලෝකයේ යම්තාක් පවතින්නේ ද, ඒතාක් කල් ම ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පූජාවන් පිළිගන්නා සේක්වා!
ආහාර පූජා කිරීම (භෝජන)
සම්මා සම්බුද්ධ නාමයෝ – තිලෝකේ පච්චයාරහෝ,
සනාථෝ පතිගණ්හාතු – දානංදානි සුපූජිතං
අධිවාසේතු නෝ භන්තේ – භෝජනං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද (ඉදිරියෙහි තබන ලද) බොජුන් (ආහාර) ඉවසා වදාරණ (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
වඤ්ජන පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – ව්‍යඤ්ජනං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද වඤ්ජන ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
කැවිලි පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – කජ්ඣකං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද කැවිලි ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
පළතුරු පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – රසවන්තං ඵලාඵලං*
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද රසවත් වූ පළතුරු ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා! (‘ඵලා ඵලං උපනාමිතං’ යනුවෙන් ද දැක්වේ)
කිරි ආහාර පූජා කිරීම
පරිසුද්ධෝ ජවන්තේන – පායාසේන සුගන්ධිනා,
භගවන්තං අරහන්තං – සන්ති ලාභාය පුජයේ
අධිවාසේතු නෝ භන්තේ – (ඛීර) පායාසං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද කිරි ආහාර ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
කිරි පැණි පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – දධි ඵාණිතං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද කිරි පැණි ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
කැඳ පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – තරලං උපනාමිතං,
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද කැඳ ආහාරය ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
ගිලන්පස පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – ගිලානපච්චයං ඉමං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද මේ ගිලන් පස ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
ඨපෙත්වා ධාතු කායං යෝ – අඨිට්ටාය ජිනෝ අගා,
නිබ්බානං තස්ස පුජේමි – ගිලාන පච්චයං ඉමං
බෙහෙත් පූජා කිරීිම
අධිවාසේතු නෝ භන්තේ – භේසජ්ජං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද මේ බෙහෙත් ඖෂධ ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
චතුමධුර පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – චතුමධුරං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද චතුමධුර ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
අෂ්ඨපාන පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – අට්ඨපානං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද මේ අෂ්ටවිධ පානයන් ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
දැහැත් පූජා කිරීම
නාගවල්ලි දලූ පේතං – චුණ්ණපූග සමායුතං,
තාම්බූලං පතිගණ්හාතු – සතං පුජේමි දංජිනෝ
බුලත්, සුණු, පුවක් සමගින් යුත්ත වූ මෙම දැහැත් පූජා කරමි. බුදුරජාණන් වහන්සේ පිළිගන්නා සේක්වා!
අධිවාසේතු නෝ භන්තේ – තාම්බූලං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද මේ දැහැත් ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
අටපිරිකර පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – අට්ඨ පරික්කාරං උපනාමිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් එළවන ලද මේ අටපිරිකර ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
සෙසු පිරිකර පූජා කිරීම
සමත්ථං අප්පකාරම්පි – කරණේ විපුලප්ඵලං
පරික්ඛාරේන පුජේමි – අචින්තෙය්‍ය ගුණං ජිනං
අල්ප වූ පූජාවක් පවා මහත්ඵල භාවයට පත් කිරීමට සමර්ථ වූ අචින්ත්‍ය ගුණ ඇති කෙලෙස් දිනූ බුදු රජාණන් වහන්සේ පරිෂ්කාරවලින් පුදමි.
අටවිසි බුදු රජාණන් වහන්සේලාට ආහාර බුද්ධ පූජාව පූජා කිරීම
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං පානීයං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං භොජනං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හන්තුමං සබ්බං ව්‍යංජනං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං ඛජජකං සාධු
පූජිතං. තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං රසවන්තං ඵලා ඵලං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං ගිලාන පච්චයං වරං
සියලු පූජාවන් පූජා කිරීම
අධිවාසේතු නෝ භන්තේ – සබ්බං සද්ධාය පූජිතං
අනුකම්පං උපාදාය – පතිගණ්හාතු මුත්තමං
ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අප විසින් සැදැහැයෙන් පූජා කරන ලද සියල්ල ඉවසා වදාරණ සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!
මෙම ගාථාව සේසත්, උඩුවියන්, කොඩි, ධජ පතාක, වටතිර, පාවඩ, සේනාසන, අටපිරිකර, සෙසු පිරිකර, කප්රුක් ආදී ඕනෑම පූජාවක් පූජා කිරීම පිණිස යොදා ගත හැකි ය.
මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජාපැවැත්වීමෙන් අනතුරුව පිරිත් සජ්ඣායනා සිදු කළ හැකි නම් බොහෝ ආනිශංස ගෙන දෙන්නේ වෙයි. අඩුම වශයෙන් කරණීයමෙත්ත සූත්‍රය වැනි එක් පිරිත් දේශනාවක් හෝ සජ්ඣායනා කළ හැකි නම් යහපත් ය. තුන් සූත්‍රයම සජ්ඣායනා කළ හැකි නම් වටී. පිරිත් සජ්ඣායනාවට යොදා ගත හැකි පිරිත් දේශනා මෙම පිටුවෙන් ලබා ගන්න!
තුන් සූත්‍රය තෙරුවන් වන්දනා ගාථා