DHAMMA QUESTIONS? SEND: info@buddhistworld.net

Buddhist World

Buddhist World

Buddhist World
Kandy, Sri Lanka.

  • Home
  • Articles
  • Blog
  • Budu Guna
  • Library
    • ත්‍රිපිටකය
    • අට්ඨකථා (අටුවා)
  • Videos
  • Dhammapada
  • Dhamma Images
    • බුදුගුණ ගාථා පින්තූර
    • සූත්‍ර දේශනා පින්තූර
  • Contact Us
Ask aQuestion
  • Home
  • BLOG & STORIES
  • දහම් ලිපි
  • පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..
January 21, 2021

පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

පූර්ණත්වයට පත් වී ලොව ම එළිය කළ සම්බුදු සඳ මඬල..

by Agra Evanesceca / Friday, 08 May 2020 / Published in දහම් ලිපි

අද 2564ක් වූ බුද්ධ පූර්ණිමා දිනය.  පූර්ණිමා… කියන්නෙ හරිම ලස්සන වචනයක්..හින්දියෙන්‘පූර්ණිමා’ කියන්නේ ‘පුන් සඳට, පුන් පොහොයට”. ‘පරිපූර්ණත්වයට පත් වූ සඳමඬල’ කියන එක තමයි එහි තේරුම.

 ඇත්තෙන් ම සඳ කියන්නේ හරිම පුදුමාකාර සුන්දර දෙයක්. හිරු මඬල නම් හැමදාම අපි දකින්නේ එකම විදියට, එකම ප්‍රමාණයෙන්. උදේට පායල සවසට බැස යනවා. ඒත් සඳ එහෙම නෙවෙයි. සඳ මඬල සම්පූර්ණයෙන් ම නොපෙනී ගිහින් ඝනාන්දකාරය අත්දකින දවසකුත් එනවා. දවසින් දවස ටිකෙන් ටික පිරී ගෙන ඇවිත් මුලු ලෝකය ම සුන්දර රැස් දහරින් නහවන දවසකුත් එනවා.
අපේ මහබෝසතාණන් වහන්සේ ගේ විශ්මිත ජීවිතයත් එක පැත්තකින් පුන් සඳ වගෙයි. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනක් ගෙවාගෙන, උතුම් සම්බුදු බව පිණිස පෙරුමන් පුරමින් පැමිණි ඒ දීර්ඝ සංසාර ගමනේ දී මහබෝසතාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ආදී ගුණබලයෙන් වැඩුනේ ටිකෙන් ටික වැඩීගෙන එන සඳ මඬලක් වගෙයි. ඒ අතර ම උන් වහන්සේ සංසාර ගත සත්වයාගේ ජීවිත තුළ කැටිවෙලා තිබෙන ඝනාන්දකාරයත් වරින් වර අත් වින්දා. දහසකුත් එකක් රහස් සඟවාගත් මේ ලෝකය ගැනත් අනන්ත සසරේ දුක් විඳින සත්වයින් ගෙ ජීවිත ගැනත්, මහබෝසතාණන් වහන්සේ තුළ පැවති අවබෝධය දිනෙන් දින ම මහා පුදුම විදියට වර්ධනය වුනා. පිරීගෙන එන පුන් සඳ වගේ.

මින් වසර 2609කට පෙර උදාවූ එක්තරා අසිරිමත් වෛශාක්‍ය පූර්ණිමා දිනයක දී, ඒ කියන්නෙ වෙසක් පුන් පොහෝ දිනයක දී, සිලි සිලි හඬින් නද දෙමින් බෝපත් සෙවන සැලසූ ගයාවේ ගංතෙරේ උතුම් ඇසතු බෝරුක් සෙවනේ වජ්‍රාසනය මත වැඩ හිඳිමින්, සසර පුරා වඩමින් ආ ඒ අවබෝධය පරිපූර්ණත්වයට පත්කරගෙන ලෝකයේ සියලු රහස් දැන හදුනා ගන්නට උන් වහන්සේට හැකි වුනා.
අපගේ මහබෝසතාණන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණත්වයට පත් වුන ඒ උතුම් දිනයේ දී, ලෝකය එළිය කරන්නට පායා ආ සුන්දරම සුන්දර වෙසක් පුන්සඳට අලුත් නමක් ලැබුණා. ඒ තමයි “බුද්ධ පූර්ණිමා“ කියන නම. බුද්ධ කියන්නේ “අවබෝධ කළ“ කියන අර්ථය යි. පූර්ණීමා කියන්නේ පූර්ණත්වයට පත් වූ සඳමඬල. තුන් ලොව අවබෝධ කළ දිනයේ පූර්ණත්වයට පත් වූ සඳමඬල කියන අර්ථයෙන් තමයි බුද්ධ පූර්ණිමා කියන නම වෙසක් පුන් පොහෝ දිනයට ලැබුනේ. අදටත් ඉන්දියාව නේපාලය වගේ රටවල් වල වෙසක් පුන් පොහෝ දිනයට බුද්ධ පූර්ණිමා කියන නම භාවිතා වෙනවා.
ඉතින් අදත් සැදෑ සමය උදා වෙනකොට ඒ අසිරිමත් බුද්ධ පූර්ණිමාව ආයෙමත් වතාවක් නැගෙන හිර අහස සුන්දර කරමින් පායා ඒවි. සම්බුද්ධත්වයේ අසිරිය ලෝකට විදාහා පාමින් උදාවෙන ඒ බුද්ධ පූර්ණිමාව අපට වැදගත් වන්නේ අපගේ මහා බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ නිසාම පමණක් නොවෙයි. 
මහ බෝසතාණන් වහන්සේ මහා මයා දේවියගේ මව් කුසින් මෙලොව එළිය දුටුවෙත් වෙසක් පුන් පොහෝ දිනයක මයි. ඒ අදින් වසර 2644 කට කලින් සල්මලින් නැහැවී ගිය ලුම්බිණියේ සාල වනෝද්‍යානයේ දී. 

ඒ වගේ අනන්ත අප්‍රමාණ ශ්‍රාවක පිරිසකට නිවන් පුරයට මග කියා දී බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කොට අපගේ සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා වදාලෙත් අද වගේ ම බුද්ධ පූර්ණිමා දිනයක දී. ඒ අදින් වසර 2564කට පෙර කුසිනාරාවේ උපර්වතන සාල වනෝද්‍යානයේ මල් කඳුලු වැගිරූ යමා සල් රුක් අතර දී. ඉතින් මේ බුද්ධ පූර්ණිමා දිනය අපට කෙතරම් නම් වැදගත් ද..?
ලෝකයේ අනියත බව සසරේ බියකරු බව මැනවින් අත්දැකිය හැකි කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වූ වකවානුවක පවා මේ සුන්දර බුද්ධපූර්ණිමාව නොයෙක් අයුරින් සමරන්නට ලංකාවෙ වගේ ම ලෝකයේ නොයෙක් තැන්වල බෞද්ධයන් ලක ලෑස්ති වෙනවා. 

ඉතින් අප ගේ භාග්‍යවතුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ගෙන් බලාපොරොත්තු වූ විදියට, වඩාත් අර්ථවත්ව, උන්වහන්සේ උදෙසා උපහාර පූජා පවත්වන්නට ඔබට හැකි වුනෝතින්, මේ වෙසක් පුන් පොහෝ දිනය සැබැවින් ම අනුස්මරණීය එකක් වේවි.
භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණත්වයට පත් වූ මේ බුද්ධ පූර්ණිමා දිනය ඔබේ අවබෝධය සම්පූර්ණ කරගැනීම උදෙසා වෙන් කළොත් එය සැබැවින් ම අසිරිමත් උපස්ථානයක් වේවි. ඒ වගේ ම එය බුද්ධ පූර්ණිමාවට සැබෑම අරුතක් එක් කරාවි.
ඔබේ අවබෝධය සම්පූර්ණ කර ගැනීමට නම් ඔබ පරිපූර්ණ අවබෝධයක් සහිත භාග්‍යවතුන් වහන්සේව මුලු හදවතින් ම සරණ ගොස්, ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වූ මාර්ගයෙහි ම ගමන් කළ යුතු වෙනවා.
සංසාරගත සත්වයින් ගේ ජීවිත කියන්නේ අවිද්‍යා ඝන කළු වළාවලින්, මෝහ තිමිර පටලවලින් වැසී ගිය මහා අන්ධකාර එකක්. ඒ අවිද්‍යා කලු වලාවන් බිදදමා මෝදුවන පුන් සඳ සේ සත්වයින්ගේ ජීවිතවලට සුන්දර ප්‍රඥා ආලෝකය ලබා දෙන්න පුලුවන් වෙන්නේ, පූර්ණත්වයට පත් වූ ඤාණ ප්‍රභාවකින් යුක්ත සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට පමණයි. ඒ නිසා ඔබට අවිද්‍යා ඝණාන්දකාරයෙන් අත මිදිය හැකි වන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආර්ය මාර්ගයේ ගමන් කිරීමෙන් ම යි. 
මේ නිසා මේ වෙසක් පුන් පොහෝ දිනයේ දී උතුම් සීලයක පිහිටා, ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන  ජීවිතයේ අනිත්‍ය භාවය, දුක් භාවය සහ අනාත්මය ස්වභාවය මෙනෙහි කරන්නට උත්සාහ ගන්න. පටිච්චසමුප්පාදය වැනි ඔබ ඉගෙන ගත් දහම් කරුණු මනා සිහියෙන් ජීවිතයට ගලපා බලන්නට උත්සාහ කරන්න.
ඔබට මතක ඇති, අප ගේ භාග්‍යවතුන් වහන්සේ මේ උතුම් දිනය ගත කරනු ලැබුවේ සම්පූර්ණයෙන් ම පාහේ, තමන් වහන්සේ ගේ අවබෝධය පරිපූර්ණ භාවයට පත් කරගැනීම උදෙසා වෙහෙසෙමින් භාවනානුයෝගීව යි. ඒ නිසා ඔබත් මේ උතුම් දිනයේ මොහොතක් වත් හිස් ලෙස ගත නොකර, හැකිතාක් භාවනානුයෝගීවම ගත කරන්නට උත්සාහ දරන්න. ඒ වෑයම යම් දිනෙක ඔබේ අවබෝධය සම්පූර්ණ කරගෙන මේ දුක්ඛිත සංසාර ගමනින් එතෙර වීම පිණිස ඒකාන්තයෙන් ම උපකාර වේවි. එය එසේ ම වේවා.!!! සාදු සාදු සාදු!!!

♦ සනරාමර ලෝක ශිවංකර වූ අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, අද වැනි බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයක දී, ශාක්‍යයන් ගේ ලුම්බිණි නම් සල් උයන්හි දී තුන් ලොවට ම සිසිලස ගෙන දෙමින් මනුලොව උපන් සේක! සාදු සාදු!!


♦♦අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, අද වැනි බුද්ධ පූර්ණිමා නම් වෙසක් පුන් පොහෝ දිනයක දී, ගයාවේ ගංතෙරේ ඇසතු බෝ රුක් සෙවනේ වජිරාසනය මත වැඩ හිඳ, පරිපූර්ණ නො වූ සීලය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ සමාධිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ ප්‍රඥාව මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නො වූ විමුක්තිය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. පරිපූර්ණ නොවූ විමුක්ති ඤාණ දර්ශනය මුළුමණින් ම පරිපූර්ණ භාවයට පත් කර ගත් සේක. 

ශීලයෙන් ද, සමාධියෙන් ද, ප්‍රඥාවෙන් ද, විමුක්තියෙන් ද, විමුක්ති ඥානදර්ශනයෙන් ද, තුන් ලොවෙහි අග්‍ර වූ සේක. අනුත්තර වූ සේක. අසම සම වූ සේක. අප්‍රතිසම වූ සේක. සියලු කෙලෙසුන් නසා තුන් ලොව ජයගෙන සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. අරහං බවට පත් වූ සේක. සම්මා සම්බුද්ධ බවට පත් වූ සේක. විජ්ජාචරණ සම්පන්න බවට පත් වූ සේක. සුගත බවට පත් වූසේක. ලෝක විදූ බවට පත් වූ සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී බවට පත් වූ සේක. දෙව් මිනිසුන් ගේ ශාස්තෘන් වහන්සේ බවට පත් වූ සේක. බුද්ධ බවට පත් වූ සේක. භගවා බවට පත් වූ සේක.
මනුසත් කලල් විල මත සුපිපී, තුන්ලොව සුවඳ විහිදන සුදෝසුදු සියපත බවට පත් වූ සේක.. සාදු සාදු!!!

♦♦♦ අප ගේ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ, අද වැනි බුද්ධ පූර්ණිමා නම් වූ වෙසක් පුන් පොහෝ දිනයක දී, සම්බුදු කෘත්‍ය සම්පූර්ණ කොට, පමණ කළ නො හැකි දෙව් මිනිස් පිරිසක් නිවන් පරතෙර පමුණුවා, කුශිනාරා නුවර උපවර්තන නම් සාල වනෝද්‍යානයේ දී තුන්ලොව කම්පා කරවමින් අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ සේක. සාදු සාදු!!!


බුද්ධ පූර්ණිමා නම් වූ වෛශාක්‍ය පුන් පොහෝ දිනයේ දී මනුලොව උපතලබා, සම්මා සම්බුදු බවට පත්ව, පිරිනිවන් පා වදාළ, ඒ සුගත තථාගත අප ගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ සිරසින් නමස්කාරය වේවා.! දෙවනුව ද සිරසින් නමස්කාරය වේවා!!! තෙවනුව ද සිරසින් නමස්කාරය වේවා!!!

  • Tweet
Tagged under: Buddha, buddhapoornima, Budu Guna, Dhamma, pirinivanpema, sadaham themagula, vesak, vesak pohoya, vesak sadaham panividaya, vesakfullmoonpoyaday

About Agra Evanesceca

යම් උතුමන් වහන්සේ නමක් ලෝක සත්වයින් සසර දුකින් මිදවූ සේක් ද, සියළු සත්වයන්ට උතුම්වූ ධර්ම රාජ වූ බුද්ධ වීරයන් වහන්ස, ඒ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! මා ඔබ වහන්සේ සරණ ගොස් ඔබ වහන්සේගේ දියණියක වන්නට වෑයම් කරන්නෙමි!

What you can read next

සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

Featured Posts

  • සැබැවින්ම මරණයට බියවිය යුතු ද?

    0 comments
  • ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

    1 comments
  • perfection - flower

    Anagamiphala Sutta – Arahattaphala Sutta

    1 comments
  • foremost - the devil

    Paññatti Sutta – Regarded as Foremost

    1 comments
  • off course dark moon

    Agati Sutta (Agati Nagati Sutta) – off course

    1 comments

Categories

  • AN
  • Anguttara Nikaya
  • Bhavana
  • Buddha
  • Budu Guna
  • Buduguna Gathavali
  • Dhamma Images
  • English Articles
  • Noble Friend
  • Pirith
  • Sambudu Siritha
  • Supipi Siyapatha
  • Sutta Pitaka
  • Udana
  • Vandana
  • අංගුත්තර නිකාය
  • උදාන
  • කොසොල් රජුගේ සිහින
  • දහම් ඔසු
  • දහම් ලිපි
  • දැහැමි සිතුවිළි
  • පිරිත්
  • බුදු ගුණ
  • බුදුගුණ අනන්ත යි.
  • බුදුගුණ ගාථා
  • බුදුගුණ ගාථාවලී පින්තූර
  • භාවනා වාක්‍ය
  • රැස් කරනා පින-එයි පසුපස්සේ
  • වන්දනා
  • වස්සානේ බුදුසුවඳ
  • සදහම් කවි
  • සදහම් පින්තූර
  • සදහම් සයුරෙන් දියදෝතක්
  • සදහම් සිතුවිළි
  • සූත්‍ර දේශනා පින්තූර
  • සූත්‍ර පිටකය
  • හුදෙකලාව සුන්දරයි

නවතම සදහම් ලිපි

  • Read more + October 30, 2019 By Agra Evanesceca in දැහැමි සිතුවිළි, සදහම් සිතුවිළි

    ඉන්දියාවේ මිය ගිය සුජිත් දරුවා කියා දුන් පාඩම.

  • foremost - the devil Read more + October 15, 2019 By Agra Evanesceca in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Paññatti Sutta – Regarded as Foremost

  • off course dark moon Read more + October 14, 2019 By BuddhistWorld in AN, Anguttara Nikaya, English Articles, Sutta Pitaka

    Agati Sutta (Agati Nagati Sutta) – off course

  • තුන් සූත්‍රය Read more + October 7, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තුන් සූත්‍රය (මහ පිරිත)

  • බුද්ධ පූජා Read more + October 6, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බුද්ධ පූජා ගාථා

  • බොජ්ඣංග පිරිත - Bojjhanga Piritha Read more + October 5, 2019 By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    බොජ්ඣංග පිරිත

  • තෙරුවන් වන්දනා Read more + By BuddhistWorld in Pirith, Vandana, පිරිත්, වන්දනා

    තෙරුවන් වන්දනා ගාථා

  • පස්වග භික්ෂූන් වහන්සේලා Read more + July 27, 2013 By BuddhistWorld in Sambudu Siritha

    පෙර නො ඇසූ විරූ ධර්මය

  • ස්පර්ශය Read more + July 22, 2013 By BuddhistWorld in සදහම් සිතුවිළි

    ස්පර්ශය නිවැරදිව තේරුම් ගන්නේ කෙසේ ද?

  • උපක Read more + July 17, 2013 By BuddhistWorld in Sambudu Siritha

    අමතදුන්දුභී වැයුමට වැඩම කළ සොඳුරු මග

සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ

බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"

“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා!"

  • GET SOCIAL
Buddhist World

BuddhistWorld © 2010-2019 is licensed under a Creative Commons Attribution-NonCommercial-NoDerivatives 4.0 International License.

TOP