
තුන් සූත්‍රය යනුවෙන් හැඳින්වෙන්නේ, මහාමංගල සූත්‍රය, රතන සූත්‍රය සහ කරණීය මෙත්ත සූත්‍රය යන මහා ආනුභාව සම්පන්න පිරිත් දේශනා තුන යි. මහපිරිත යටතේ සජ්ඣායනා කරනු ලබන්නේ මෙම උතුම් දේශනාවන් ය.
දිනපතා තෙරුවන් වන්දනාවෙන් සහ සම්බුද්ධ පූජාවෙන් අනතුරුව මෙම තුන් සූත්‍රයෙන් පිරිත් සජ්ඣායනා කළ හැකි නම්, නොමිනිස් උපද්‍රව ආදී බොහෝ උවදුරු දුරු කරගෙන මහත්ආනිශංස සළසා ගත හැකි වනු ඇත.
තුන් සූත්‍රය මෙතැනින් ශ්‍රවණය කරන්න
පිරිත් ශ්‍රවණය කිරීම සඳහා දේවතා ආරාධනාව
සමන්තා චක්කවාලේසු – අත්‍රා ගච්ඡන්තු දේවතා
සද්ධම්මං මුනිරාජස්ස – සුණන්තු සග්ගමොක්ඛදං
පරිත්තස්සවනකාලෝ – අයං භදන්තා
පරිත්තස්සවනකාලෝ – අයං භදන්තා
පරිත්තධම්මස්සවනකාලෝ – අයං භදන්තා
හාත්පස සක්වල සිටින දෙවියෝ මෙහි පැමිණෙත්වා. සුගති සැප නිවන් සැප පිණිස අප මුනිරජුන්ගේ සද්ධර්මය අසත්වා! පින්වත් දෙවිවරුනි, මේ පිරිත් ශ්‍රවණයට කාලය යි. පින්වත් දෙවිවරුනි, මේ පිරිත් ශ්‍රවණයට කාලය යි. පින්වත් දෙවිවරුනි, මේ පිරිත් ධර්මය ශ්‍රවණයට කාලය යි!
මහා මංගල සූත්‍රය
යං මංගලං ද්වාදස්සු – චින්තයිංසු සදේවකා
සොත්ථානං නාධිගච්ඡන්ති – අට්ඨතිංසඤ්ච මංගලං,
දේසිතං දේවදේවේන – සබ්බපාපවිනාසනං,
සබ්බලෝකහිතත්ථාය – පරිත්තං තං භණාමහේ
ඒවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථඛො අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යේන භගවා තෙනුපසංකමි, උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටු තුමාගේ ආරාමයේ වැඩ වසන සේක. එකල්හි වනාහි එක්තරා දිව්‍ය පුත්‍රයෙක් රාත්‍රියෙහි ප්‍රථම යාමය ඉක්ම වූ කල්හි යහපත් ශරීර වර්ණය ඇතිව මුළු ජේතවනය බබුලුවාගෙන යම් තැනෙක්හි බුදුරජාණන් වහන්සේ වසන සේක් ද එතැනට එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වැඳ එකත් පසෙක සිටියේ ය. එකත් පස්ව සිටියා වූ ඒ දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙකරුණ සැලකළේ ය.
බහූ දේවා මනුස්සා ච – මංගලානි අචින්තයුං
ආකංඛමානා සොත්‍ථානං – බ්‍රෑහි මංගල මුත්තමං
දෙලොව යහපත කැමති දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මංගල කාරණයන් සිතූහ. එම දෙව්මිනිසුනට අනුකම්පාවෙන් හිතසුව සළසන මංගල කරුණු දේශනා කළ මැනවි.
අසෙවනා ච බාලානං – පණ්ඩිතානඤ්ච සෙවනා
පූජා ච පූජනීයානං – ඒතං මංගල මුත්තමං
අනුවණ බාලයන් සේවනය නොකිරීම ද, පණ්ඩිතයන් සේවනය කිරීම ද, බුද්ධාදී පිදිය යුත්තන් පිදීම ද යන මේවා උතුම් මංගල කරුණු ය.
පතිරූප දේස වාසො ච – පුබ්බේ ච කත පුඤ්ඤතා
අත්ත සම්මා පණීධි ච – ඒතං මංගල මුත්තමං
සුදුසු පෙදෙසක විසීම ද, පෙර කළ පින් ඇති බව ද, සිත මනාව පිහිටුවීම ද, උතුම් මංගල කරුණු ය.
බාහුසච්චං ච සිප්පං ච – විනයො ච සුසික්ඛිතො
සුභාසිතා ච යා වාචා – ඒතං මංගල මුත්තමං
බහුශ්‍රැත බව ද, ශිල්ප දැනීම ද, මනා හික්මවීම ද, සුභාෂිත වචන බිණීම ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.
මාතා පිතු උපට්ඨානං – පුත්තදාරස්ස සංගහෝ
අනාකුලා ච කම්මන්තා – ඒතං මංගල මුත්තමං
මවුපියනට උවටැන් කිරීම ද, අඹුදරුවනට සංග්‍රහ කිරීම ද, නිරවුල් කර්මාන්ත ද යන මේ කාරණා උතුම් මංගල කරුණු ය.
දානං ච ධම්මචරියා ච – ඤාතකානඤ්ච සංගහෝ
අනවජ්ජානි කම්මානි – ඒතං මංගල මුත්තමං
දන්දීම ද, දස කුසල්හි හැසිරීම ද නෑයනට සංග්‍රහ කිරීම ද නිරවුල් කර්මාන්ත ද යන මේ කාරාණා උතුම් මංගල කරුණු ය.
ආරති විරති පාපා – මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු – ඒතං මංගල මුත්තමං
පාපයෙහි නො ඇල්ම ද, අකුසලයෙන් වෙන්වීම ද, මත් පැනින් වැළකීම ද, හැම කුසල් දහම්හි පමා නොවීම ද උතුම් මංගල කරුණු ය.
ගාරවෝ ච නිවාතෝ ච – සන්තුට්ඨි ච කතඤ්ඤුතා
කාලේන ධම්ම සවනං – ඒතං මංගල මුත්තමං
ගරුකළ යුත්තනට ගරු කිරීමද, යටහත් පහත් බව ද, ලද දෙයින් සතුටු වීම ද, කළගුණ සැළකීම ද සුදුසු කල්හි දහම් ඇසීම ද උතුම් මංගල කරුණු ය.
ඛන්තී ච සෝවචස්සතා – සමණානං ච දස්සනං
කාලේන ධම්ම සාකච්ඡා – ඒතං මංගල මුත්තමං
ඉවසීම ද, කීකරු බව ද, ශ්‍රමණයන් දැකීම ද, සුදුසු කල ධර්ම සාකච්ඡාව ද උතුම් මංගල කරුණු ය.
තපෝ ච බ්‍රහ්මචරියඤ්ච – අරියසච්චාන දස්සනං
නිබ්බාණ සච්ඡිකිරියා ච – ඒතං මංගල මුත්තමං
තපස ද, උතුම් හැසිරීම ද, සිවුසස් දැකීම ද, නිවන් අවබෝධකර ගැනීම ද උතුම් මංගල කරුණු ය.
ඵුට්ඨස්ස ලෝක ධම්මේහි – චිත්තං යස්ස න කම්පති
අසෝකං විරජං ඛේමං – ඒතං මංගල මුත්තමං
අටලෝ දහමින් යමෙකුගේ සිත කම්පා නොවේ ද, ශෝක රහිත ද, රාගාදී කෙලෙස් දූලි නැත් ද, බිය රහිත ද මේ උතුම් මඟුල් ය.
ඵ්තාදිසානි කත්වාන – සබ්බත්ථමපරාජිතා
සබ්බත්‍ථ සොත්ථිං ගච්ඡන්ති – තං තේසං මංගල මුත්තමන්ති.
මේ අයුරින් කටයුතු කොට සියලු තැන්හි අපරාජිත වී, සියලු තැන්හි යහපතට ම යති. එය ඔවුන් හට උතුම් මංගල කරුණු ය.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා!
රතන සූත්‍රය
කෝටිසත සහස්සේසු – චක්කවාලේසු දේවතා
යස්සානං පතිගණ්හන්ති – යඤ්ච වේසාලියං පුරේ
රෝගා මනුස්ස දුබ්භික්ඛ – සම්භූතං තිවිධං භයං
ඛිප්පමන්තරධාපේසි – පරිත්තං තං භණාමහේ
යානීධ භූතානි සමාගතානි – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
සබ්බේ ව භූතා සුමනා භවන්තු – අථෝපි සක්කච්ච සුනන්තු භාසිතං
පොළොවෙහි උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැස් වූවාහු වෙත් ද, ඒ සියලු භූතයෝ සතුටු සිත් ඇත්තාහු වෙත්වා. තව ද මාගේ වචනය හොදින් අසත්වා.
තස්මාහි භූතා නිසාමේථ සබ්බේ – මෙත්තං කරෝථ මානුසියා පජාය
දිවා ච රත්තෝච හරන්ති යේ බලිං – තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
අමනුෂ්‍යයිනි, (යම් කරුණක් සඳහා ඔබ මෙහි රැස්ව සිටින්නාහු ද) එහෙයින් සියල්ලෝම මාගේ ධර්මය අසවු. මනුෂ්‍ය ප්‍රජාව කෙරෙහි මෛත්‍රිය කරවු. යම් මනුෂ්‍ය කෙනෙක් රෑ දාවල්හි ඔබට පූජා ගෙනෙත් ද, එහෙයින් ඔවුන් රකිවු.
යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා – සග්ගේසු වා යං රතනං පණීතං
න නෝ සමං අත්ථි තථාගතේන – ඉදම්පි බුද්ධේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මනුෂ්‍ය ලෝකයෙහි හෝ අවශේෂ ලෝකයෙහි හෝ යම් ධනයක් වේ ද, දේව ලෝකයන්හි හෝ යම් රත්නයක් වේ ද, ඒ කිසි තැනෙක තථාගතයන් හා සමාන වූ ධනයක් හෝ රත්නයක් හෝ නැත්ම ය. බුදුරදුන් කෙරෙහි මෙය ද ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
ඛයං විරාගං අමතං පණීතං – යදජ්ඣගා සක්‍ය මුනී සමාහිතෝ
න තේන ධම්මේන සමත්ථි කිඤ්චි – ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
ආර්යමාර්ග සමාධියෙන් සුපිහිටි සිත් ඇති ශාක්‍ය කුලයෙහි උපන් මුනි තෙම රාගාදීන් ක්‍ෂයවන්නා වූ රාගාදියෙන් වෙන් වූ අමෘත වූ ප්‍රණීත වූ යම් නිවනක් නුවණින් අවබෝධ කළේ ද, ඒ නිර්වාණ ධර්මය හා සමාන වූ කිසි රත්නයෙක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. ඒ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යං ඛුද්ධ සෙට්ඨෝ පරිවණ්ණයී සුචිං – සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනා තේන සමෝ න විජ්ජති – ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ ඉතා පිරිසිදු යමක් ප්‍රශංසා කොට ප්‍රකාශ කළේ ද, එය ආනන්තරික සමාධියයි කියති. ඒ සමාන වූ අන්කිසි සමාධියක් නැත. මෙය ද ධර්මයෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යේ පුද්ගලා අට්ඨසතම්පසත්ථා – චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා – ඒතේසු දින්නානි මහප්ඵලානි
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
බුද්ධාදී සත් පුරුෂයන් විසින් පසස්නා ලද යම් අෂ්ටාර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත්ද, පසස්නා ලද යම් එක් සියඅටක් ආර්ය්‍ය පුද්ගල කෙනෙක් වෙත් ද ඔවුහු යුගල සතරක් වෙති. බුදුන් ගේ ශ්‍රාවක වූ ඒ ආර්ය පුද්ගලයෝ දක්ෂිණාවට සුදුසු වෙති. ඔවුන් කෙරෙහි දුන් දානයෝ මහත්ඵල ඇත්තාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යේ සුප්පයුත්තා මනසා දළ්හේන – නික්කාමිනෝ ගෝතම සාසනම්හි
තේ පත්තිපත්තා අමතං විගය්හ – ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
ඉදම්පි සංඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
යම් රහතන් වහන්සේ කෙනෙක් ගෞතම ශාසනයෙහි මනා කොට යෙදුනාහු ස්ථිර සිතින් සියලු කෙලෙසුන් ගෙන් නික්මුණාහු ද, ඔවුහු නිවනට අරමුණු වශයෙන් බැස ඵල සමවත් සුවය නොමිලයේ ලැබ අනුභව කරන්නාහු පැමිණිය යුතු රහත් ඵලයට පැමිණියාහු වෙති. මෙය ද සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යථින්ද ඛීලෝ පඨවිංසිතෝ සියා – චතුබ්භිවාතේභි අසම්පකම්පියෝ
තථූපමං සප්පුරිසං වදාමි – යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
ඉන්ද්‍රඛීල නම් වූ කණුව යම්සේ පොළොව ඇතුළට පිවිස සිටියේ සිවු දිගින් හමන සුලඟින් සොලවාලිය නොහැකි වන්නේ ද, යමෙක් ආර්ය සත්‍යයන් නුවණින් බැස දකී නම් ඒ සත්පුරුෂයා එබඳු ඉන්ද්‍රඛීලය හා සමාන කොට කියමි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යේ අරිය සච්චානි විභාවයන්ති – ගම්භීර පඤ්ඤේන සුදේසිතානි
කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා – න තේ භවං අට්ඨමං ආදියන්ති
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
යමෙක් ගැඹුරු නුවණ ඇති සර්වඥයන් වහන්සේ විසින් මැනවින් දේශිත ආර්ය සත්‍යයන් තමනට ප්‍රකට කෙරෙත්ද, ඔවුහු කිසිසේත් බොහෝ සේ පමාවූවෝ වෙත්ද, එනමුදු ඔවුහු අටවන භවයක් නම් නො ගනිති. මෙය ද සඞඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
සහාවස්ස දස්සනසම්පදාය – තයස්සුධම්මා ජහිතා භවන්ති
සක්කාය දිට්ඨි විචිකිච්ඡිතඤ්ච – සීලබ්බතං වාපි යදත්ථි කිඤ්චි
චතූහපායේහිච විප්පමුත්තෝ – චඡාභිඨානානි අභබ්බෝකාතුං
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
දර්ශන සමාපත්තිය සමග ම සක්කාය දිට්ඨිය ද, විචිකිච්ඡාවද යම්කිසි සීලබ්බත පරාමාසයෙක් ඇත්නම් එය ද යන සංයෝජන ධර්ම තුන ඔහු විසින් හරන ලද්දාහු වෙති. හේ සතර අපායෙන් මිදුනේ ද වේ. පඤ්චානන්තරිය කර්ම හා අන්‍ය ශාස්තාවරයකු ඇදහීම ද කරන්නට සුදුසු නො වේ. මෙය සංඝයා කෙරෙහි ශ්‍රේෂ්ඨ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
කිඤ්ඤාපි සෝ කම්මං කරෝති පාපකං – කායේන වාචා උද චේතසා වා
අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය – අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
ඒ සෝවාන් පුද්ගල තෙමේ තිදොරින් යම් පවක් කෙරේද, හෙතෙම එය සඟවාලීමට නො හැකි වෙයි. නිවන් දුටුවහු ගේ පව් සැඟවීමේ නො හැකි බව පවසන ලදි. මෙය සංඝයා කෙරෙහි ප්‍රණීත වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
වනප්පගුම්බේ යථා ඵුස්සිතග්ගේ – ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ
තථූපමං ධම්මවරං අදේසයි – නිබ්බාණගාමිං පරමං හිතාය
ඉදම්පි බුද්ධේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
ගී‍්‍රෂ්ම ඍතුවෙ පළමු වන බක් මසෙහි රුක් ලැහැබ් යම්සේ පිපුණු අග ඇත්තේ වේ ද, බුදුරජ තෙම එබඳු උපමා ඇති නිවනට පමුණුවන උතුම් ධර්මයක් පරම හිත පිණිස දෙසී ය. මෙය බුදුරදුන් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයකි. මෙම සත්‍ය බලයෙන් සෙත් වේවා.
වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ – අනුත්තරෝ ධම්මවරං අදේසයි
ඉදම්පි බුද්ධේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
උතුම් වූ නිවන දන්නා වූ නිවන දෙන්නා වූ ශ්‍රේෂ්ඨ වු බුදුරජාණන් වහන්සේ උතුම් ධර්මයක් දෙසූ සේක. මෙය ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං – විරත්ත චිත්තා ආයතිකේ භවස්මිං
තේ ඛීණා බීජා අවිරූළ්හිච්ඡන්දා – නිබ්බන්ති ධීරා යථායං පදීපෝ
ඉදම්පි සඞඝේ රතනං පණීතං – ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
යම් කෙනෙකුගේ පුරාණ කර්ම ගෙවී ගියේ ද, පහළ වන අළුත් කර්මයකුත් නැත් ද, මතු භවයෙහි නො ඇලුණූ සිත් ඇති ක්‍ෂය කළ ප්‍රතිසන්ධී විඥාන බීජ ඇති වැඩෙන ඡන්දයක් නැති ඒ ධෘතිමත් රහත්හු මේ නිවුණු පහන් මෙන් පිරිනිවෙති. මෙය ද සංඝයා කෙරෙහි උතුම් රත්න භාවයෙකි. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යානීධ භූතානි සමාගතානී – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං – බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු!
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත්ද, ඒ අපි දෙව් මිනිසුන් විසින් පුදනලද බුදුරදුන් වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යානීධ භූතානි සමාගතානී – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං – ධම්මං නමස්සාම සුවත්ථි හෝතු!
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙව්මිනිසුන් විසින් පුදන ලද තථාගත දේශිත ධර්මය වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
යානීධ භූතානි සමාගතානී – භුම්මානි වා යානිව අන්තලික්ඛේ
තථාගතං දේව මනුස්ස පූජිතං – සඞඝං නමස්සාම සුවත්ථි හෝතු!
පොළොවෙහි උපන් හෝ අහසෙහි උපන් හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙතැන්හි රැස්ව සිටිත් ද, ඒ අපි දෙවි මිනිසුන් විසින් පුදන ලද ශ්‍රාවක සඞඝයා වහන්සේ වඳිමු. මේ සත්‍ය බලයෙන් සෙත්වේවා.
ඒතේන සච්චේන සුවත්ථි හෝතු!
මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා!
කරණීය මෙත්ත සූත්‍රය
යස්සානුභාවතෝ යක්ඛා – නේව දස්සෙන්ති භිංසනං
යම්හි චේවානුයුඤ්ජන්තෝ – රත්තින්දිවමතන්දිතෝ
සුඛං සුපති සුත්තෝ ච – පාපං කිඤ්චි න පස්සති
ඒවමාදිගුණෝපේතං – පරිත්තං තං භණාමහේ
කරණීය මත්‍ථ කුසලේන – යං තං සන්තං පදං අභිසමෙච්ච
සක්කෝ උජූ ච සූජූ ච – සුවචෝ චස්ස මුදු අනතිමානි
ශාන්ත පදයට පැමිණ වසනු කැමැත්තහු විසින් යමක් කළ යුතු ද, අභිවෘද්ධියෙහි දක්ෂයා එය කට යුතු ය. හේ සමර්ථයෙක් වන්නේ ය. අවංක වන්නේ ය. මැනවින් අවංක වන්නේ ය. කීකරු වන්නේ ය. මෘදු වන්නේ ය. නිහතමානි වන්නේ ය.
සන්තුස්සකෝ ච සුභරෝ ච – අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච – අප්පගබ්බෝ කුලේසු අනනුගිද්ධෝ
සන්තෝෂ ඇත්තෙක් වන්නේ ය. පහසුවෙන් පෝෂණය කළ හැක්කෙක් වන්නේ ය. ස්වල්ප කටයුතු ඇත්තෙක් වන්නේ ය. සැහැල්ලු පැවතුම් ඇත්තෙක් වන්නේ ය. සන්හුන් ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. ප්‍රඥාවත් වන්නේ ය. හැඩි දැඩි නොවන් නේ ය. කුලයන්හි නො ඇලෙන්නේ ය.
නච ඛුද්ධං සමාචරේ කිඤ්චි – යේන විඤ්ඤූ පරේ උපවදෙය්‍යුං
සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
යම් ක්‍රියාවක් නිසා නුවණැති අන්‍යයෝ නින්දා කෙරෙත් නම් එබඳු කුඩා වූ වරදක් පවා නො කරන්නේ ය. සියුල සත්හු සුව අත්තෝ භය නැත්තෝ වෙත් වා. සියලු සත්හු සුවයෙන් යුතු සිත් ඇත්තෝ වෙත් වා.
යේ කේචි පාණ භූතත්ථි – තසා වා ථාවරා වා අනවසේසා
දීඝා වා යේ මහන්තා වා – මජ්ඣිමා රස්සඛාණුකථූලා
කෙලෙස් ඇති සත්වයෝ ද කෙලෙස් රහිත සත්වයෝ ද යන සියලු ප්‍රාණභූත සත්ව කෙනෙක් වෙත් ද දික් වූ හෝ මහත් වූ හෝ මධ්‍යම වූ හෝ කුඩා ශරීර ඇත්තා වූ හෝ ඉතා කුඩා වූ හෝ ස්ථූල වු සත්වයෝ වෙත් ද,
දිට්ඨා වා යේව අද්දිට්ඨා – යේච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසී වා – සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා
තම ඇසට පෙනෙන්නා වූ හෝ නොපෙන්නා වූ සත්වයෝ වෙත් ද යම් සත්ව කෙනෙක් දුර හෝ වසත් ද , ළඟ හෝ වසත් ද, උපන්නා වූ යම් සත්ව කෙනෙක් වෙත් ද, හේ ඉපැදෙමින් සිටින යම් සත්ව කෙනෙක් වෙත් ද,
නපරෝ පරං නිකුබ්බේථ – නාතිමඤ්ඤේථ කත්ථචි නං කඤ්චි
ඛ්‍යාරෝසනා පටිඝසඤ්ඤා – නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡෙය්‍ය
අනෙකෙක් අනෙකකු නො රවටන්නේය. කිසි තැනෙක්හි ඒ කිසිවකුට අවමන් නො කරන්නේ ය. කය වචන දෙකින් කරන රෝෂණයෙන් ද සිතින් කරන ක්‍රෝධයෙන් ද ඔවුනොවුන්ට දුක් නොකැමති වන්නේ ය.
මාතා යථා නියං පුත්තං – ආයුසා ඒක පුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බභූතේසු – මානසං භාවයේ අපරිමානං
යම් සේ මවුතොමෝ ආයුෂයෙන් ස්වකීය එක ම පුත්‍රයා රකී ද, එසේම සියලු සතුන් කෙරෙහි අප්‍රමාණ මෛත්‍රි සිත වඩන්නේ ය.
මෙත්තං ච සබ්බලෝකස්මිං – මානසං භාවයේ අපරිමානං
උද්ධං අධෝ ච තිරියඤ්ච – අසම්බාධං අවේරං අසපත්තං
පමණ රහිත වූ, එසේම පීඩා රහිත වූ වෛර චේතනා රහිත වූ, සතුරන් රහිත වූ සිතෙහි වූ මෛත්‍රිය ද උඩ යට සරස යන සියලු සත්ව ලෝකයෙහි වඩන්නේ ය.
තිට්ඨං චරං නිසින්නෝ වා – සයානෝ වා යාවතස්ස විගතමිද්ධෝ
ඒතං සතිං අධිට්ඨෙය්‍ය – බ්‍රහ්ම මේතං විහාරං ඉධමාහු
සිටිමින් හෝ යමින් හෝ හිඳිමින් හෝ සයනය කරමින් හෝ යම්තාක්කල් නොනිදා ද ඒ තාක්කල් මෛත්‍රී ස්මෘතිය වඩන්නේ ය.
දිට්ඨිං ච අනුපගම්ම සීලවා – දස්සනේන සම්පන්නෝ
කාමේසු විනෙය්‍ය ගේධං – නහිජාතු ගබ්භසෙය්‍යං පුනරේතීති
මිත්‍යාදෘෂ්ටියට නො පැමිණ ශ්‍රොතාපන්න මාර්ග ඥාන දර්ශනයෙන් යුක්තවූයේ වස්තුකාමයෙහි ගිජුබව හෙවත් ක්ලේශ කාමය සකෘදාගාමි අනාගාමි මාර්ග දෙකින් ප්‍රහීණකොට ඒකාන්තයෙන් මවුකුස පිළිසිඳ ගැනීමට නැවත නො පැමිණෙන්නේ ය.
ඒතේන සච්චේන සුවත්ථි හේතු!
මේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා!