ත්‍රිපිටකය

Tipitaka

ත්‍රිපිටකය

අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ, පුරා වසර හතළිස් පහක් මුළුල්ලේ ලෝ වැසි සත්වයන් කෙරෙහි මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට යෙදුනු උතුම් ශ්‍රී සද්ධර්මය පළමු ධර්ම සංගායනාවේ දී මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පන්සියයක් මහරහතන් වහන්සේලා විසින් සංගායනා කරන්නට යෙදුණි. එසේ සංගායනා කළ අසූහාරදහසක් වූ බුද්ධ වචනය ත්‍රිපිටකය යනුවෙන් හැඳින්වේ. ත්‍රිපිටකයට සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය යන පිටකත්‍රය ඇතුළත් ය. 

පාළිභාෂාවෙන් පැවති මෙම උතුම් ත්‍රිපිටක බුද්ධ වචනය ලක්වැසියන්ගේ දෙලොව හිත සුව පිණිස 2500 වැනි ශ්‍රී බුද්ධ ජයන්තිය නිමිත්තෙන් සිංහල භාෂාවට පරිවර්ථනය කිරීමට කටයුතු කෙරුණි. බලංගොඩ ආනන්ද මෛත්‍රිය, ලබුගම ලංකානන්ද වැනි උතුම් මහ තෙරුන් වහන්සේලාගේ මහත් කැපවීමෙන් එසේ සිංහලට පරිවර්ථනය කරන්නට යෙදුණු ත්‍රිපිටක ග්‍රන්ථ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ ලෙස හැඳින්වේ. 

එම ත්‍රිපිටක ග්‍රන්ථ ස්කෑන් කොට පරිගණකයෙන් කියවිය හැකි වන පරිදි pdf පොත් ලෙස සකස් කිරීමට පින්වතුන් කිහිප දෙනෙක් කටයුතු කොට ඇත. එසේ සකස් කෙරුණු උතුම් ත්‍රිපිටක ග්‍රන්ථයන් පහත සබැදුම් වලින් ලබා ගත හැකි ය. මෙම උතුම් ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන් pdf ලෙස අන්තර්ජාල ගත කිරීමට වෙහෙස මහන්සි වූ සියලු දෙනා හට කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනාව පළ කරමින්, මහත් ගෞරවයෙන් යුතුව ශ්‍රීමුඛ බුද්ධ වචනය කියවා දෙලොව වැඩ සළසා ගනිමු. 

පහත දක්වා ඇත්තේ පිටක.එල්කේ වෙබ් අඩවිය මගින් සම්පාදනය කොට අන්තර්ජාල ගත කොට ඇති ත්‍රිපිටක ග්‍රන්ථ රත්නයන් වේ. මීට අමතරව ආතාපී.නෙට් වෙබ් අඩවිය මගින් සම්පාදනය කොට අන්තර්ජාල ගත කොට ඇති ග්‍රන්ථ රත්නයන් ද මෙම ලිපිනයෙන් ලබා ගත හැකි ය. මීට අමතරව පිටක.එල්කේ වෙබ් අඩවිය මගින් සම්පාදනය කොට අන්තර්ජාල ගත කොට ඇති, ඒ.පී. සොයිසා මහතා විසින් සරළ සිංහලට පරිවර්ථනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථ මෙම ලිපිනයෙන් ලබා ගත හැකි ය.

දීඝ නිකාය

මජ්ඣිම නිකාය

සංයුත්ත නිකාය

අංගුත්තර නිකාය

ඛුද්දක නිකාය

TOP