මහණෙනි, මේ අග්‍ර පැණවීම් සතර දෙනෙකි. කවර සතර දෙනෙක් ද යත්:
මහණෙනි, ආත්මභාවීන් අතුරෙන් යම් මේ රාහු අසුරේන්‍ද්‍රෙයක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, කාමභොගීන් අතුරෙන් යම් මේ මන්ධාතු නම් රජෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, ආධිපත්‍යය කරණුවන් අතුරෙන් යම් මේ පාපී මාරයෙක් වේ ද, මෙ තෙම අග්‍රය.
මහණෙනි, මරුන් සහිත බඹුන් සහිත දෙවියන් සහිත ලොකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවිමිනිසුන් සහිත සත්ව ප්‍රජායෙහි අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
මහණෙනි, මේ සතර අග්‍ර පැණවිම් ය.
ආත්මභාවීන් අතුරෙන් රාහු අසුරිඳු අග්‍ර වේ. කාමභොගීන් අතුරෙන් මන්ධාතු සක්විති රජ අග්‍ර වේ. ආධිපත්‍ය කරණුවන්, දිව්‍ය සම්පත්ති සමෘද්ධියෙනුදු පරිවාර සඞ්ඛ්‍යාත යශසිනුදු බබලනුවන් අතුරෙන් මාරයා අග්‍ර වේ.
උඩය මැදය යටය යන ලෝකනිෂ්පත්තිය තෙක් දෙවියන් සහිත ලෝකයාට බුදුරජාණන් වහන්සේ අග්‍රයහ යි කියනු ලැබේ.
පාළි
අග්ගපඤ්ඤත්තිසුත්තං (පඤ්ඤත්තිසුත්තං)
‘‘චතස්‌සො ඉමා, භික්‌ඛවෙ, අග්‌ගපඤ්‌ඤත්‌තියො. කතමා චතස්‌සො? එතදග්‌ගං, භික්‌ඛවෙ, අත්‌තභාවීනං යදිදං – රාහු අසුරින්‌දො. එතදග්‌ගං, භික්‌ඛවෙ, කාමභොගීනං යදිදං – රාජා මන්‌ධාතා. එතදග්‌ගං, භික්‌ඛවෙ, ආධිපතෙය්‍යානං යදිදං – මාරො පාපිමා. සදෙවකෙ, භික්‌ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්‍රහ්‌මකෙ සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය තථාගතො අග්‌ගමක්‌ඛායති අරහං සම්‌මාසම්‌බුද්‌ධො. ඉමා ඛො, භික්‌ඛවෙ, චතස්‌සො අග්‌ගපඤ්‌ඤත්‌තියො’’ති.
‘‘රාහුග්‌ගං අත්‌තභාවීනං, මන්‌ධාතා කාමභොගිනං;
මාරො ආධිපතෙය්‍යානං, ඉද්‌ධියා යසසා ජලං.
‘‘උද්‌ධං තිරියං අපාචීනං, යාවතා ජගතො ගති;
සදෙවකස්ස ලොකස්‌ස, බුද්‌ධො අග්‌ගො පවුච්‌චතී’’ති.
සාදු සාදු සාදු!!!
Read in English
